SKIP TO MAIN CONTENT

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ධුරය රුවන් විජේවර්ධන ට

Ruwan Wijewardene elected as Deputy Leader of UNP
Source: Facebook/ Ruwan Wijewardene

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (14/09) පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුරට රුවන් විජේවර්ධන මහතා පත් කෙරිණි.

එහිදී නියෝජ්‍ය නායක ධුරය සඳහා එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක සහ නියෝජ්‍ය මහලේකම් රුවන් විජේවර්ධන අතර රහස් ඡන්දයක් පවත්වා තිබේ.

නියෝජ්‍ය නායක ධුරය සඳහා කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේ එකඟතාවයකට පැමිණීමට නොහැකිවීම ඊට හේතුව වී ඇත.

එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා ඡන්ද 28 ක් ලබාගෙන ඇති අතර, රවී කරුණානායක මහතාට ඡන්ද 10 ක් හිමිවී තිබේ.

මේ අතර ලබන ජනවාරි මාසය වනතුරු රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තවදුරටත් දැරිය යුතු බවට ද එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඊයේ තීරණය කර තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now