SKIP TO MAIN CONTENT

S.B. සහ පුතාට ලක්ෂ දෙකකට ඇප ලැබේ. නඩුව යළි ජූලි 02.

S.B. and his Son granted bail for 2 lakhs.
Source: SBS Sinhala

1 min read

Published

By Nadeeka Daya Bandara - Sri Lanka


Skip to article content

පළාත් පාලන මැතිවරණ සමයේදී ආධාරකරුවෙකුට පහරදීමේ සිද්ධියක  සැකකරුවන් වන හිටපු අමාත්‍ය එස්.බී.දිසානායක හා ඔහුගේ පුත් තාරක දිසානායක යන අය මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (27) ඉදිරිපත් කළ අවස්ථාවේදී  අයෙකුට රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප මත මුදා හරින ලෙස මහනුවර වැඩබලන මහේස්ත්‍රාත් කරුණාරත්න බණ්ඩාර මහතා නියෝග කළේය.

ඉකුත් 2018 පෙබරවාරි මස 10 වන දින ගලහ දෙල්තොටවත්ත ප්‍රදේශයේදී තමන්ට බැනවැදී, තර්ණය කොට පහරදුන් බවට එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවෙකු වන අනුර බණ්ඩාර නම් අය ගලහ පොලීසියට කළ පැමිණිල්ලක් අනුව පොලීසිය විසින් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබුණි.

සැකකරුවන් සදහා ඇප ලබාදීමට විරෝධයක් නොමැති බව ගලහ පොලීසිය විසින් අධිකරණය වෙත වාර්තාකළ අතර ඒ අනුව සැකකරුවන් යළි ජූලි මස 02 වන දින අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

සැකකරුවන් වෙනුවෙන් නීතිඥ සුනිල් අමරතුංග මහතා සහ සුදත් ගුණසේකර යන විනිසුරු මඩුල්ල පෙනී සිටියේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now