Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

දකුණු අප්‍රිකාවේ ලකුණු මැෂිම, ටෙස්ට් තරගවලින් සමු ගනියි.

AB de Villiers is expected to retire from Test cricket
Source: espncricinfo

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ලකුණු මැෂිම ලෙස හඳුන්වන A. B. de Villiers එළඹෙන අගෝස්තු මාසයේදී ටෙස්ට් තරඟවලින් සමු ගැනීමට තීරණය කර තිබේ.

ඔහු මේ පිළිබඳ දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දී ඇති බව Espncricinfo වෙබ් අඩවිය වාර්තා කරයි.

කෙසේ වෙතත් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය සහ A. B. de Villiers අතර එළඹෙන අගෝස්තු මාසයේදී සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිත බව සඳහන්.

1984 වසරේ පෙබරවාරි මස 17 වන දින උපත ලැබූ de Villiers, මේ වන විට ශතක 21 ක් සහ අර්ධ ශතක 39 ක් සමගින් ටෙස්ට් තරඟ 106 කදී ලකුණු 8074 ක් රැස්කරගෙන ඇත.


1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: espncricinfo



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now