තනතුරෙන් නෙරපූ බවට පවසමින් ඩොලර් මිලියන 5 ක වන්දියක් ඉල්ලා ක්‍රීඩා පිළිබඳ අන්තර්ජාතික අධිකරණයට හතුරුසිංහගෙන් පැමිණිල්ලක්

Sacked Chandika Hathurusingha Demands 5 Million Dollars

Source: Facebook

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් නෙරපා හරින ලද ජාතික පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් මිලියන 5 ක වන්දියක් ඉල්ලා සිටී.

නියමිත කාලයට පෙර තමන් තනතුරෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් හතුරුසිංහ මෙම වන්දිය ඉල්ලා ක්‍රීඩා පිළිබඳ අන්තර්ජාතික බේරුම්කාර අධිකරණය හෙවත් International Arbitration Court of Sports වෙත පැමිණිලි කර තිබේ

පසුගිය වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු තනතුරෙන් ඉවත් කිරීමෙන් පසුව චන්දික හතුරුසිංහට එරෙහිව විනය පරීක්‍ෂණයක් පැවැත්විණ.

එය ක්‍රීඩකයින් ගේ සහ සහ කණ්ඩායම් නිලධාරීන්ගේ සාක්ෂි පදනම් කරගනිමින් පැවැත්විණ.

එහිදී හෙළිවුණු කරුණු වලට අනුව චන්දික හතුරුසිංහ පුහුණුකරු තනතුරෙන් ඉවත් කිරීමට තරම් සාධාරණ කරුණු තිබූ බවත්, ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා පිළිබඳ අන්තර්ජාතික බේරුම්කාර අධිකරණයට කරුණු දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් බවත් වාර්තා වේ.

පුහුණුකරු තනතුරෙන් ඉවත් කරන ලද නමුත් හතුරුසිංහ මහතාට අඛණ්ඩවම වැටුප් ගෙවනු ලැබිණ.

එහෙත් විනය පරීක්‍ෂණයෙන් අනතුරුව පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට ඔහුගේ වැටුප් ගෙවීම නතර කරන ලදි.

හතුරුසිංහ මහතා විසින් ගොනුකරන ලද පැමිණිල්ලේ සඳහන් වනුයේ ඔහුගේ කොන්ත්‍රාත්තුවේ ඉතිරි මාස 18 කාලය සඳහාත් තමන්ට හිඟ වැටුප් ගෙවියයුතු බවයි.

පසුගිය ලෝක කුසලන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන්ම ශ්‍රී ලංකා පිල ඉවත් වීමෙන් පසුව හතුරුසිංහ මහතාට ගෙවනු ලබන වැටුප නියමිත ප්‍රමාණයට වඩා වැඩි බව පවසමින් ඔහුව තනතුරෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට බලකරන ලද්දේ හිටපු ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු මහතා බවද වාර්තා වේ.


2 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now