SKIP TO MAIN CONTENT

සයිටම් ආයතනය එංගලන්ත වෛද්‍ය සභාවේ අසාදු ලේඛනයට.

SAITM black listed in UK GMC.
Source: Daily News

1 min read

Published

Updated

Source: Daily Mirror



Skip to article content

එංගලන්තයේ වෛද්‍ය සභාව මගින් මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලය අසාදු ලේඛන ගත කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

සයිටම් ආයතනය පිරිනමනු ලබන උපාධි පිළිනොගන්නා බව එංගලන්ත වෛද්‍ය සභාව සනාථ කර ඇති අතර ලොව පුරා එසේ පිළිනොගත් උපාධි පිරිනමන ආයතන කිහිපයක් එම අසාදු ලේඛනයට අන්තර්ගත කර ඇත බවද වාර්තා වේ.

එංගලන්ත වෛද්‍ය සභාවේ PLAB පරීක්ෂණයට පෙනී සිටීමට හෝ එරට වෛද්‍ය සභාවේ ලියාපදිංචිවීමට එම අසාදු ලේඛනයේ ඇති කිසිදු ආයතනයකින් පිරිනමනු ලබන උපාධියක් තිබීම සුදුසුකමක් ලෙස නොසැලකෙන බව සඳහන්.

ඒ අනුව සයිටම් ආයතනයද මේ වනවිට එම අසාදු ලේඛනයට ඇතුළත් කර තිබෙන් බවත් එංගලන්තයේ  වෛද්‍ය සභාව පවා පිළිනොගන්නා මෙම ආයතනය ශ්‍රී ලංකා රජය තවමත් ප්‍රතික්ෂේප නොකරන බවත්  ඊයේ (14/09) කොළඹදී  පැවැත්වූ මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now