SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු වෛද්‍ය සභා ලැයිස්තුවෙත් SAITM නෑ.

Australian Medical Council does not recognise SAITM.
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ඔස්ට්‍රේලියානු වෛද්‍ය සභාව හෙවත් Australian Medical Council (AMC) විසින් ශ්‍රී ලංකාවේ පිළිගනු ලබන වෛද්‍ය විශ්ව විද්‍යාල අතර මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හෙවත් SAITM ආයතනයේ නාමය සඳහන් නොවන බව වාර්තා වේ.

ඒ අනුව ඔස්ට්‍රේලියානු වෛද්‍ය සභාව විසින් පවත්වනු ලබන ඇගයීම හෙවත් AMC assessment සඳහා පිළිගන්නා වෛද්‍ය උපාධි අතරේ SAITM ආයතනයෙන් ලබාගන්නා වෛද්‍ය උපාධිය AMC නිල වෙබ් අඩවියේ සඳහන්  නොවෙයි.

ශ්‍රී ලංකාවේ නැගෙනහිර විශ්ව විද්‍යාලය, රජරට විශ්ව විද්‍යාලය, කොළඹ විශ්ව විද්‍යාලය, යාපනය විශ්ව විද්‍යාලය, කැළණිය විශ්ව විද්‍යාලය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය, රුහුණු විශ්ව විද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය යන විශ්ව විද්‍යාල වල වෛද්‍ය උපාධි ඔස්ට්‍රේලියානු වෛද්‍ය සභාව මගින් පිළිගන්නා බව AMC නිල වෙබ් අඩවිය පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now