නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල සෞඛ්‍ය අමාත්‍යංශය යටතට ගැනීමට අවශ්‍ය කටයුතු සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කරන බවත්, එය අඛණ්ඩව ශික්ෂණ රෝහලක් ලෙස පවත්වාගෙන යනු ලබන බවත් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (07/04) ප්‍රකාශ කළේය.
මාලඹේ SAITM පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැටළුව සම්බන්ධයෙන් විසදුම් යෝජනා මාලාවක් ඊයේ දිනයේ රජය විසින් ප්‍රකාශයට පත් කරන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පෙරවරුවේ පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.
ඒ අනුව නීතිපතිවරයාගේ අනුමැතිය සහිතව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ඉදිරිපත් කරනු ලබන ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය සඳහා වූ අවම ප්‍රමිතීන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ගැසට් නිවේදනය කිරීමටද යෝජනා කර තිබේ.
එමෙන්ම වෛද්‍ය උපාධියට අදාළ අවසන් පරීක්ෂණය සමත් සිසුන්ට හෝමාගම හා අවිස්සාවේල්ල ශල්‍යකර්ම, වෛද්‍ය විද්‍යාව, නාරිවේදය හා ප්‍රසව විද්‍යාව සහ බාලක වෛද්‍ය විද්‍යාව පිළිබඳව මාසය බැගින් වූ සායනික පුහුණුවක් ලබාදීමටද යෝජනා කර තිබේ.
මෙම පුහුණුවෙන් අනතුරුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හා විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ ඒකාබද්ධ අධීක්ෂණය යටතේ පවත්වනු ලබන පරීක්ෂණයකට අයදුම්කරුවන් මුහුණදිය යුතු බවද යෝජනා කර තිබේ.

