ඕස්ට්‍රේලියාවේ අධික ලෙස මිලදී ගැනීම් වැලක්වීමට ළමා පැරසිටමෝල් මිලදී ගැනීම පාලනය කෙරේ (SBS සිංහල / වාර්තා )

s

Source: AAP

ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය ප්‍රධාන වෛද්‍ය නිලධාරී Paul Kelly ප්‍රකාශ කොට ඇත්තේ කොරෝනා වයිරසය නිසා අනවශ්‍ය ලෙස ඖශධ වර්ග රැස් නොකරගන්න ලෙස.

මේ හේතුව නිසා ඇදුම රෝගය සදහා වන ඖශධ වරකට එකක් හා ළමා පැරසිටමෝල් වර්ග ඖශධවේදීන් හරහා ලබා ගැනීමට හැකි වන සේ කටයුතු යොදා ඇත. එසේ ඔබට අනවශ්‍ය ලෙස ඖශධ මිලදී ගැනීමට කිසිදු අවශ්‍යතාවක් නැති බවද ඔහු පවසයි. කොරෝනා වයිරස ආසාධිතයන් ගණන් දැන් ඕස්ට්‍රේලියාවේ 565ක් දක්වා වර්ධනය වී ඇත. වෛද්‍ය Kelly පවසන්නේ බොහෝ ආසාධිතයන් විදේශයන්හිදී මෙම රෝගය වැළදුණු අය බවත් ඉතිරි කොටස ඔස්ට්‍රේලියාවෙදී රෝගය ආසාධිත පුද්ගලයින් බවයි. ඔස්ට්‍රේලියාව තුල ඉතා ඉහල මට්ටමේ ඖශධ සැපයුම් ජාලයක් ඇති බවත්, එසේ ඖශධ හිඟයක් ඇත්නම් එම සමාගම් පැවසිය යුතු බවත් එවන් කිසිම තත්වයක් උදා වී නැති බවත් ඔහු පවසයි

මීට අමතරව වෛද්‍ය නිර්දේශ සහිත ඖශධ මසකට පමණක් සරිලන පරිදි මිලදී ගැනීමට සිදු වනු ඇති. එසේම සියලු ඖශධ අනවශ්‍ය ලෙස ලබා දීම පාලනය කරන ලෙස ඖශධ වේදීන්ට උපදෙස් දී තිබේ.
එසේම NSW හි ප්‍රධාන සෞඛ්‍ය නිලධාරිනී Kerry Chant පවසන්නේ සමාජ මාධ්‍ය වල පැරසිටමෝල් වලින් වයිරස් රෝගය සුව කල හැකි බවට වැරදි තොරතුරු සංසරණය වී ඇති බවයි. පැරසිටමෝල් මගින් රෝග ලක්ෂණ වන උණ  හා වේදනා ආදිය  පමණක් සමනය කරන බව ඇය පවසයි. දැන් NSW ප්‍රාන්තයේ රෝගීන් 300ක් පමණ වාර්තා වන අතර එයින් 50 දෙනෙකුට රට තුලදී රෝගය බෝවී ඇති බවට පැවසේ.

Chant මහත්මිය පවසන්නේ ප්‍රාන්තයේ වාර්තා වන රෝගීන් 307ක් බවත් බදාදා වන විට එය 267ක අගයේ තිබු බවයි
එයින් 130ක් පමණම ඇමෙරිකාව හා යුරෝපය වැනි විදේශයන්හිදී වැළදුණු රෝගීන් වේ. තවමත් රෝගීන් 70 දෙනෙකුට රෝගය වැළදුණු ආකාරය විමර්ශනය කෙරෙමින් පවතී.

ඒ අනුව සියලු covid -19 ආසාධිතයින් රෝහල් වල නේවාසික නොකරන බවත්, ඕස්ට්‍රේලියාවේ දැඩි සත්කාර ඒකකයේ සිටින්නේ මෙම රෝගය වැලදුන 6 දෙනෙකු පමණක් බවත් ඒ නිසා ආසාධිතයින් නිවෙස් වල රැක බලා ගැනීම සිදු කෙරෙන බවත් ඇය පවසා තිබේ.

එසේම NSW අග්‍රාමාත්‍ය Gladys Berejiklian ප්‍රාන්ත වැසියන් රජයේ එකිනෙකා අතර පරතරයක් තබා ගැනීමේ උපදෙස් පිළිපැදීම පිලිබදව ජනතාවට ස්තුති කල අතර පොලීසිය , සෞඛ්‍ය , මහාමාර්ග හා අධ්‍යාපනය යන ආයතන මුලස්ඨාන සියල්ල RFS මුලස්ථානය වෙත ගෙන ආ බවත් එමගින් ජනතාවට වඩා හොඳ ප්‍රතිචාර දැක්වීමක් කල හැකි බවත් ඇය පවසයි 

මේ අතර NSW පාසල් විවෘතව  තබන අතර පාසල් රැස්වීම් ආදිය අවලංගු කොට තිබේ. පාසල් වැසීමට තවමත් සාධාරණ හේතු නොමැති බවත් ඇය පවසා තිබේ. එසේම විශ්ව විද්‍යාල දැන් online ක්‍රමයට ඉගැන්වීම් සිදු කරයි. එසේම NSW පොලීසිය විසින් මහාමාර්ග වල සිදු කරන මත්ද්‍රව්‍ය හා මත්පැන් පරීක්ශා  අත්හිටුවා තිබේ 

ඔබට Covid -19 වැළදී ඇති බවට සැකයක් ඇත්නම් ජාතික කොරෝනා වයිරස සෞඛ්‍ය තොරතුරු අංකය වන 1800 020 080 අමතන්න. ඔබට හදිසි අවශ්තාවකදී 000 අමතන්න
ඔබ විදේශයකට ගොස් පැමිණ දින 14ක් තුල රෝග ලක්ෂණ පෙන්වයි නම් එය පරීක්ෂා කර ගැනීමට සෞඛ්‍ය අංශ උපදෙස් දෙයි

Source: SBS News


Share

Published

Updated

By Charitha Adikari

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service