SKIP TO MAIN CONTENT

Salmonella ආසාදන ඇති කල හැකි Frozen meals ගැන නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය දේපාර්තුමේන්තුව අනතුරු අඟවයි

Product recall

1 min read

Published

Updated

By Gamidu Agampodi


Skip to article content

Salmonella ආසාදන ඇති විය හැකි බැවින් Core Powerfoods ආයතනය නිපදවූ Frozen meals හෙවත් අධි ශීත කළ ආහාර ගැනීමෙන් වලකින ලෙස නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය දේපාර්තුමේන්තුව අනතුරු අඟවා තිබෙයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පිහිටි IGA වෙළඳසැල් තුල මෙම අධි ශීත කළ ආහාර විකීණීමට තිබූ අතර මෙම ආහාර අනුභව කිරීමෙන් අනතුරුව දැනට පුද්ගලයින් 10 දෙනෙකුට පමණ salmonellae ආසාදන වැළඳී ඇති බව වාර්තා වෙයි.

මෙම අධි ශීත කළ ආහාර මිලදී ගත් පුද්ගලයින්ට එය මිලදී ගත් ස්ථානයෙන් මුදල් ආපසු ලබාගැනීමටද හැකියාව තිබෙයි.

චැනල් 7 පුවත් වාර්තා කරන ආකාරයට එම නැවත කැඳවූ අධි ශීත කළ ආහාර වර්ග පහත පරිදි වේ.

  • Going Nuts (310g or 350g)
  • Deep South Chilli
  • Muay Thai Meatballs
  • Holy Meatballs
  • Naked Chicken
  • Seismic Chicken
  • Old School
  • Smokey Mountain Meatballs
SBS Sinhalese
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now