SKIP TO MAIN CONTENT

කම්කරු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සෙනට් සභික ධුරයෙන් ඉවත්වන ලෙස Sam Dastyari ට බිල් ශෝටන් පවසයි.

Sam Dastyari sacked by Bill Shorten
Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

කම්කරු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සෙනට් සභික ධුරයෙන් ඉවත්වන ලෙස තමන් සෙනට් සභික  Sam Dastyari හට ඊයේ රාත්‍රියේදී දැනුම් දුන් බව කම්කරු පක්ෂ නායක බිල් ශෝටන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

දකුණු චීන මුහුදේ ආරක්ෂක ප්‍රතිපත්තිය පිළිබඳ කම්කරු පක්ෂය දරන මතයට පටහැනි මතයක් ඉදිරිපත් කරමින් 2016 වසරේ ජුනි මාසයේදී චීන ජනමාධ්‍යවේදීන් හමුවේ සෙනට් සභික  Sam Dastyari සිදු කළ අදහස් දැක්වීමක හඬ පටයක් පිටවීමත් සමග මේ තත්ත්වය උද්ගත වී ඇත.

දකුණු චීන මුහුද පිළිබඳ ඔස්ට්‍රේලියාවට අයිතියක් නොමැති බවත් එම අර්බුදයේදී ඔස්ට්‍රේලියාව පසෙකට විය යුතු බවත් චීනය සමග පවතින මිත්‍රත්ත්වය ඉදිරියට ගෙන යාමට කම්කරු පක්ෂය කටයුතු කළ යුතු බවත් ඔහු එහිදී පවසා තිබේ.

කෙසේවෙතත්,  Sam Dastyari ගේ මෙම  ක්‍රියා කලාපය පක්ෂයේ ප්‍රතිපත්ති වලට පටහැනි බව ද විපක්ෂ නායකවරයා පවසා තිබේ.

මේ අතර මෙම ප්‍රශ්නය පිළිබඳ මුල සිටම විමසන විට Sam Dastyari සාවද්‍ය ප්‍රකාශ සිදු කළ බව මධ්‍යම රජයේ නීතිපති George Brandis, A-B-C පුවත් සේවයට පැවසීය.

SBS පුවත් ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now