SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ සමලිංගික විවාහ නීතිගත කිරීමේ තැපැල් සමීක්ෂණය මිලියන 9.2 සීමාවට.

Same-sex marriage
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවේ සමලිංගික විවාහ නීතිගත කිරීම උදෙසා පැවැත්වෙන තැපැල් සමීක්ෂණයේ මේ වන විට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයින්ගෙන් 57.5% ක් පමණ තම මනාපය පළ කර ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.

පසුගිය සති අන්තය වන විට මනාපය ලකුණු කළ සමීක්ෂණ පත්‍රිකා මිලියන 9.2 ක් පමණ ලැබුණු බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය අනවරණය කරයි.

මෙම තැපැල් සමීක්ෂණය සඳහා තම මනාපය මෙතෙක් පළ නොකළ ඡන්ද දායකයින් හට නොවැම්බර් 07 වන දින දක්වා කල් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නියෝජ්‍ය සංඛ්‍යාලේඛනඥ Jonathan Palmer පැවසීය.

එළඹෙන නොවැම්බර් 07 වන දින මෙම තැපැල් සමීක්ෂණය අවසන් වන තෙක්ම සතිපතා පැමිණෙන සමීක්ෂණ පත්‍රිකා පිළිබඳ මහජනතාව දැනුවත් කරන බවද කාර්යාංශය පවසයි.

මෙම තැපැල් සමීක්ෂණයේ අවසන් ප්‍රතිඵල නොවැම්බර් 15 වන දින ප්‍රකාශ කිරීමට නියමිතය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now