SKIP TO MAIN CONTENT

සමලිංගික තැපැල් සමීක්ෂණයට හදිසියක් නැහැ : ශ්‍රේෂ්ඨාධිකරණය කියයි.

Same-sex marriage: No urgent need for postal survey, High Court told
Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාව තුළ සමලිංගික විවාහ නීතිගත කිරීම සම්බන්ධව ඔස්ට්‍රේලියානු රජය යෝජනා කළ තැපැල් සමීක්ෂණය පැවැත්වීමට කිසිදු හදිසියක් විය නොයුතු බව ඔස්ට්‍රේලියානු ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (05/09) දැනුම් දුන්නේය.

මෙය පාර්ලිමේන්තුවේ නිදහස් ඡන්දයකින් සම්මත කරගත හැකිව තිබියදී මහජන මුදල් මේ සඳහා නාස්ති කරන්නේ ඇයි දැයි සමලිංගික විවාහ නීතිගත කිරීම සම්බන්ධ උපදේශකයින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැවසීය.

රජය පවසන පරිදි මෙම තැපැල් සමීක්ෂණය සඳහා ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 122 ක් වැයවේ.

සමලිංගික විවාහ නීතිගත කිරීම උදෙසා කැමැත්ත ලබා ගැනීමේ ක්‍රමවේදයේදී රජය පාර්ලිමේන්තුව නොසළකා ලහි ලහියේම තැපැල් සමීක්ෂණයට යාමට හදිසි නොවිය යුතු බව රාජ්‍ය නීතිඥ Ron Merkel ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැවසීය.

මේ වන විට මෙම යෝජනාව ඔස්ට්‍රේලියානු පහළ මන්ත්‍රණ සභාව විසින් අනුමත කර ඇති අතර එය සෙනට් සභාවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

යම් හෙයකින් එය සෙනට් සභාවෙන් පරාජයට පත්වුවහොත් ස්වේච්ඡා සමීක්ෂණයකට යාම ලිබරල් සන්ධාන රජයේ දෙවැනි සැලැස්ම වී තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now