SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාව තුළ සමලිංගික විවාහ නීතිගත කිරීමේ යෝජිත තැපැල් සමීක්ෂණයට ලියාපදිංචි වීමේ අවසාන දිනය අදයි.

Same-sex marriage postal survey enrolment deadline today.
Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාව තුළ සමලිංගික විවාහ නීතිගත කිරීමේ යෝජිත තැපැල් සමීක්ෂණය උදෙසා ඔස්ට්‍රේලියානු ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි වීම අදින් (24/08) අවසන් වේ. 

එලෙසම ඡන්ද හිමි නාම ලේඛනයේ ඔබේ විස්තර වෙනස් කිරීමට අවශ්‍යනම් ඒ සඳහා ද ඔබට ලැබෙන අවස්ථාව අදින් අවසන් වේ.

ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවිය හරහා ඡන්ද හිමියන්ට මේ සඳහා අද මධ්‍යම රාත්‍රී 12 වන තෙක් ලියා පදිංචි වීමට හැකියාව තිබේ.

මේ අතර ලියාපදිංචි ඡන්ද හිමි නාම ලේඛනයේ ලක්ෂ 5 ක පමණ වෙනස්කම් සිදු කිරීමට මේ වන විටත් ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

නමුත් මෙම තැපැල් සමීක්ෂණය පැවැත්වීමට එරෙහිව විපක්ෂය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් යොමු කර ඇති බැවින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසාන තීන්දුව පැමිණෙන තෙක් මෙහි ඉදිරි වැඩකටයුතු පිළිබඳ පැහැදිලි බවක් නොපෙනේ.

කෙසේවෙතත්, මෙම තැපැල් සමීක්ෂණය මෙහෙයවන ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් ඒ සඳහා අදාළ ඡන්ද පත්‍රිකා සැප්තැම්බර් මැද වන විට තැපෑලෙන් ඔබට ලැබීමට ඉඩ සලසනු ඇත.

පසුගිය අගෝස්තු මාසයේ 8 වන දින සිට මේ දක්වා ඡන්ද හිමි නාම ලේඛනයට නව ඡන්ද හිමියන් 50,000 ක් පමණ ඇතුළත් කර ඇති බවද  ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now