SKIP TO MAIN CONTENT

සමලිංගික විවාහ නීතිගත කිරීමට සහාය දක්වන පිරිසේ අඩුවීමක්.

Same-sex marriage support drops
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාව තුළ සමලිංගික විවාහ නීතිගත කිරීමට සහය දක්වන පිරිසේ අඩුවීමක් දක්නට ලැබෙන බව පසුගියදා නිකුත් වූ නවතම සමීක්ෂණ වාර්තාවක් පෙන්වා දී තිබේ.

සමලිංගික විවාහ සදහා පක්ෂග්‍රාහී ප්‍රතිශතය 63% ලෙස මීට  මාසයකට පමණ පෙර සිදු කළ සමීක්ෂණ වාර්තාවක් පෙන්වා දුන් අතර මේ වන විට එය 57% දක්වා පහල බැස  ඇති බව සදහන්.

The Australian පුවත් පත මගින් සිදු කල මෙම සමීක්ෂණයට අනුව 37% ක  පිරිසක් සමලිංගික විවාහ සදහා විරෝධය පළකරමින් ජන්දය ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා වේ.

තැපැල් සමීක්ෂණයක් ලෙස මේ වන විට සිදු කෙරෙමින් පවතින මෙම සමීක්ෂණය සඳහා එළඹෙන නොවැම්බර් 07 වන දින දක්වා මනාපය පළ කිරීමට හැකි අතර එහි අවසාන ප්‍රතිඵලය නොවැම්බර් 15 වන දින ප්‍රකාශ කෙරෙනු ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now