SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ සමලිංගික විවාහ නීතිගත කිරීමෙන් ආගමික නිදහසට බාධා එල්ලවනවාදැයි සෙවීමට Philip Ruddock පත් කරයි.

Same-sex marriage
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ඔස්ට්‍රේලියාවේ ආගමික නිදහස තහවුරු කිරීමට සහ ආරක්ෂා කිරීමට පවතින ඔස්ට්‍රේලියානු නීතිය ප්‍රමාණවත්ද යන්න පිළිබඳ සොයා බැලීමට ඔස්ට්‍රේලියානු රජය හිටපු ලිබරල් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ වර්තමාන Hornsby  හි නගරාධිපති Philip Ruddock පත් කර තිබේ.

ඔස්ට්‍රේලියාව තුළ සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා පැවැත්වූ තැපැල් සමීක්ෂණයෙන් ඒ සඳහා බහුතර කැමැත්ත ලැබීමෙන් අනතුරුව එය පනතක් ලෙස බලාත්මක කිරීමට පසුගිය සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

මෙම තත්ත්වය මත ඔස්ට්‍රේලියාව තුළ පවතින ආගම්වලට යම් බලපෑමක් ඇතිවන බවටත් ආගමික නිදහසට හිරිහැර එල්ල විය හැකි බවටත් ලිබරල් සන්ධානයේ ඇතැම් conservative මන්ත්‍රීවරුන් කරුණු ඉදිරිපත් කරන්නට විය.

ඒ අනුව ටර්න්බුල් රජය මේ පිළිබඳ කරුණු සොයා බැලීමට Philip Ruddock පත් කර තිබේ.

යම් හෙයකින් සමලිංගික විවාහ නීතිගත කිරීමේ පනත පාර්ලිමේන්තුවේදී බලාත්මක වුවහොත් ඔස්ට්‍රේලියාවේ පවතින විවාහ නීතියට එය සංශෝධනයක් ලෙස එක් කෙරෙනු ඇත.

කෙසේවෙතත්, Philip Ruddock හට තම වාර්තාව ලබා දීමට එළඹෙන වසරේ මාර්තු 31 වන දා දක්වා කාලය ලබා දී තිබේ.

SBS පුවත් ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now