SKIP TO MAIN CONTENT

විශ්වාසභංගය පිළිබඳ සම්බන්ධන්ගෙන් විග්නේශ්වරන්ට ලිපියක්.

Sri Lanka Politics
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

උතුරු පළාත් සභාව තුළ හටගෙන ඇති අර්බුදකාරි තත්වය විසඳා ගැනිමට නම් දූෂන චෝදනාවන්ගෙන් වරදකරුවන් නොවූ අමාත්‍යවරුන් දෙදෙනා සම්බන්ධයෙන් ගත් වැරදි තීරණය කඩිනමින් නිවැරදි කරගන්නා ලෙස දෙමළ ජාතිත සන්ධානයේ නායක විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා වෙත ලිඛිතව දැනුම් දී ඇත.

පරීක්ෂණ මණ්ඩලය විසින් වරදකරුවන් කරන ලද අමාත්‍යවරුන් දෙදෙනා සම්බන්ධයෙන් ගත් තීරණය නිවැරදි වුවත් වරදකරුවන් නොවූ අමාත්‍යවරුන් දෙදෙනා සම්බන්ධයෙන් ගත් දඩුවම් ක්‍රියාමාර්ගය ස්වභාවික යුක්තියේ මූලධර්ම උල්ලංඝනය වී ඇති අයුතු ක්‍රියාවක් යැයි ද සම්බන්ධන් මහතා සදහන් කර ඇත.

“මෙම තත්වයේ අවසානයක් දැකීමට නම් පළමුවෙන්ම කළ යුතු වන්නේ වරදකරුවන් නොවූ අමාත්‍යවරුන් දෙදෙනාට එරෙහිව ගනු ලැබූ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ප්‍රතිකර්මයක් කළ යුතු බව මගේ හැඟීමයි. අසමගිය හා බාධාවන් ප්‍රවර්ධනය වන අත්තනෝමතික ක්‍රියාවන් කිසිම ආකාරයකට උතුරු පළාත් සභාවේ ක්‍රියාකාරීත්වයට  හේතු නොවිය යුතුය. 

එබැවින් ඔබගේ පරීක්‍ෂණ මණ්ඩලය මගින් වරදකරුවන් නොකළ අමාත්‍යවරුන් දෙදෙනා සම්බන්ධයෙන් ඔබ විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගය හැකි ඉක්මනින් නිවැරදි කිරීමට කටයුතු කරන ලෙසට මම ඉල්ලා සිටිමි. තවදුරටත් කෙරෙන පරීක්‍ෂණ කටයුතුවලට මෙය බාධාවක් නොවනු ඇත.” යනුවෙන් සම්බන්ධන් මහතා තම ලිපියේ සටහන් කර තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now