SKIP TO MAIN CONTENT

Samsung Galaxy S8 හා S8 plus වෙළෙඳපොළ ආගමනයට සූදානම්.

Galaxy S8 launch
Source: ABC Australia

1 min read

Published

By Madhura Seneviratne

Source: Samsung



Skip to article content

ජංගම දුරකථන ලොවෙහි දැවැන්තයෙකු වන Samsung සමාගම එළඹෙන අප්‍රේල් 28දා තම නවතම Galaxy වර්ගයේ දුරකථන ද්විත්වය නිකුත් කිරීමට නියමිත බව වාර්තා වේ.

Samsung Galaxy S8 හා S8 plus යනුවෙන් මෙම දුරකථන වෙළඳපලට නිකුත් කිරීමට නියමිත බව සඳහන්.

මීට පෙර නිකුත් කළ Galaxy  වර්ගයේ  දුරකථන වලට අමතරව සුවිශේෂි පහසුකම් රාශියකින් මෙම දුරකථන සමන්විත බව ද වාර්තා වේ.

මේවායේ පසුපස කැමරාව මෙගා පිස්කල් 12කින් යුක්ත වන අතර ඉදිරිපස කැමරාව මෙගා පිස්කල් 8කි.

ජලයට හා දූවිල්ලට ඔරොත්තු දෙන ආකාරයෙන් නිර්මාණය කර තිබෙන මෙම දුරකථන එච්.ඩී. තාක්ෂණයෙන් වීඩියෝ කිරීමේ හැකියාවද පවතියි.

Galaxy S8 දුරකතනයේ තිරය අඟල් 5.8ක් වන අතර  S8 plus හි තිරය අඟල් 6.2 කි.

මීට පෙර පැමිණි Galaxy  වර්ගයේ  දුරකථන වලට වඩා මෙම දුරකථන වල තිරය දුරකථනයේ මුහුණත පුරාම ව්‍යාප්තව පැවතීම සහ home button එකක් නොමැති වීම කැපී පෙනෙන විශේෂත්වයන් වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now