SKIP TO MAIN CONTENT

සරණ ගුණවර්ධන අත්අඩංගුවට ගනී.

Sarana Gunawardane arrested
Source: Daily News

1 min read

Published

Updated

Source: Daily Mirror



Skip to article content

ශ්‍රී ලංකාවේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ සරණ ගුණවර්ධන මහතා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද (04/09) දහවල් අත්අඩංගුවට ගනු ලැබීය.

2008 වසරේදී ඔහු ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිව සිටියදී සිදුවූ බව පැවසෙන  අයථා සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

මහින්ද රාකපක්ෂ සමයේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරමින් සිටිය දී සරණ ගුණවර්ධන මහතා  2008 වසරේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්විය.

ලොතරැයි මණ්ඩල පනත අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හට ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ නොහැකි වුවත් ඔහු බලහත්කාරයෙන් නොකඩවා  එම ධුරයේ රැඳී සිට ඇතැයි පොලිසිය පවසයි.

එලෙස රැඳී සිටින අතරතුර ප්‍රසම්පාදන මණ්ඩලයේද සභාපතිවරයා ලෙස කටයුතු කරමින් රුපියල් අසූ ලක්ෂ අනූ පන් දහසක ජීප් රියක් ආනයනය කර ඇතැයි ද, එය වරායට පැමිණි වහාම ගුණවර්ධන මහතා එය ගෙන ගොස් ඇතැයි ද, වාහනය ගෙන ගොස් ඊට පසු දින ලොතරැයි මණ්ඩල සභාපති ධුරයෙන් ඉවත් වී ඇතැයි ද පොලිසිය පවසයි.

ඔහු ගෙන ගිය ජීප් රිය මේ වන විට සොයා ගන්නට නැති බවද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now