457 විසා කාණ්ඩය තුළින් ඕස් ට්‍රෙලියාවට කුසලතා සහිත විදේශීය සේවකයන් පිරිසක්ට තාවකාලික ලෙස ඕස්ට්‍රෙලියාවේ රැකියා කිරීමේ අවස්ථ හිමි වෙනවා. මේ සදහා අයදුම් කිරීම් අවස්ථ 3 කින් කළ යුතුයි.
සෑම වසරකම ඕස්ට්‍රෙලියානු මධයම රජයට 457 කාණ්ඩය යටතේ වීසා අයදුම්පත් 50000ක් පමණ ලැබෙනවා. මේ වීසා කාණ්ඩය ඉදිරිපත් කර ඇත්තේ ඕස්ට්‍රෙලියාවේ අඩු කුසලතාවන් සහිත ක්ශේතර සඳහා සේවකයන් ගෙන්වා ගැනීමට. ඕස්ට්‍රෙලියාව තුළ ක්ශේතර සඳහා සේවකයන් සොයා ගත නොහැකි අවස්තා වලදී විදෙස් රටවල් වලින් සේවා යෝජකයින්ට කුසලතා සහිත සේවකයන් මේ යටතේ ගෙන්වා ගත හැකිය. සිඩ්නි නුවර නීතිඥ ආයතනයක් වන AJ Legal Australia හි නීතිඥ සහ සංක්‍රමණික ඒජන්ත Judit Albecz (MARA 0901615) පවසන්නේ මෙම විසා වැඩසටහන කාලයත් සමඟ විවිධ වෙනස්කම් වලට භාජනය වී ඇති බවයි.
"2013 ජුලි 1 වෙනිදා සිට 457 විසා කාණ්ඩයට සංශෝධන සිදු වුනා. ඒ දෙපාර්තමේන්තුවට 457 වීසා කාණ්ඩය වැරදි ලෙස පාවිච්චි කිරීමට සේවායෝජකයින්ට නොහැකි වන ලෙස."
Judit පවසන්නේ මේ සඳහා අයදුම් පත් යොමු කරන්නන් consolidated sponsored occupations list, එනම් CSOL නම් කුසලතා ලැයිස්තුවෙන් තමාට සරිලන රැකියාව නම් කළ යුතු බවයි.
"457 කාණ්ඩය යටතේ අයදුම් කළ හැකි රැකියා ලැයිස්තුවක් තිබෙනවා. එය ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැකියි. මෙහිදී මම නැවතත් කියා සිටිනවා මෙම වීසා කාණ්ඩය තාවකාලික වීසා එකක් සහ එයින් ව්වියාපාර වලට විදේශීය සේවකයින් වසර 4ක් නිපුණතා සහිත රැකියාවකට ගෙන්වා ගැනීමටයි හැකි වෙන්නේ."
විදේශීය සේවකයින්ට නීත්යානුකූල තම නඩත්තුවේ සිටින සාමාජිකයින් මෙම වීසා එක යටතේ ඕස්ට්‍රෙලියාවට රැගෙන ආ හැකි. ඔවුන්ට රැකියා කිරීමටත්,ඉගෙන ගැනීමටත් අවස්ථාව හිමිවන අතරම, ඉගෙනීම සඳහා ගෙවීම් කිරීමටද සිදු වෙනවා. එසේම වීසා ලාබින් හා සහකරුවන්ට ඕස්ට්‍රෙලියාවට හා පිටතට ගමන් කිරීමටද බාධා නැහැ. Judit පවසන්නේ සාමාන්‍යයෙන් ව්‍යාපාර මගින් අනුග්‍රහය දැක්වීම මේ වීසා ලැබෙන ප්‍රධාන ක්‍රමය බවයි.
"වියාපාර අනුග්‍රහයේදී, ඕස්ට්‍රෙලියානු ශ්‍රම බලකායෙන් තමන්ට අවශ්‍ය කුසලතා සහිත සේවකයින් නොමැති විට ඕස්ට්‍රෙලියානු හෝ විදේශීය ව්‍යාපාර වලට ගෙන්වා ගැනීමට අවස්ථාව ලැබෙනවා."
මේ සඳහා අදියර 3ක් පසු කළයුතුයි. පළමු අදියර වන්නේ අනුග්‍රහය ලබා ගැනීම. මෙහිදී සේවා යෝජකයා දෙපාර්තමේන්තුවෙන් ව්‍යාපාර අනුග්‍රහයෙකු වීම සඳහා අවසර ඉල්ලනවා. මේ සඳහා ව්‍යාපාර යම් කරුණු සැපරිය යුතුයි. Judit පවසන්නේ ප්‍රධාන කරුණ මෙම රැකියා පුරප්පාඩුව සත්‍ය විය යුතුයි.
"අනෙක් කරුණු වන්නේ වියාපාරය නීත්යානුකූල ලෙස ඕස්ට්‍රෙලියාව තුල හෝ පිටත ක්‍රියාත්මක විය යුතු වීමත්, පුහුණු ආදී අවශයතා අනුග්‍රාහක කාලය තුල පවත්වා ගෙන යා හැකි වීමත්”
ජුඩි පවසන ආකාරයට අනුග්‍රහය ලබා දීම සිදුවන්නේ අනුමැතිය ලැබූ ආයතනයක විසින් පුරප්පාඩුවක් හඳුනා ගැනීම තුලින්.
“ආයතනය විසින් අනුග්‍රහය සඳහා ඉල්ලුම් කර රැකියාව සඳහා සබැ අවශ්‍යතාවයක් ඇත්ද යන්න ඔප්පු කල යුතුයි. මේ සඳහා නාම යෝජනා ඉදිරිපත් කල හැක්කේ දැනට 457 වීසා ලාභියෙකු, එම වීසා සඳහා ඉල්ලුම් කල පුද්ගලයෙකු හෝ යෝජිත වීසා සඳහා ඉල්ලුම් කිරීමට බලාපොරොත්තු වන පුද්ගලයකු විය හැකියි. මෙම රැකියාව සදහා ශ්‍රම බලකාය තුල සෙවීම් කර සුදුසු සේවකයෙකු ඕස්ට්‍රේලියාවෙන් සොයා ගත නොහැකිද විය යුතුයි"
දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබුණු පසුව සේවා දායකයා සහ ආයතනයන් විසින් අනුග්‍රහය සඳහා වන සියලු රෙගුලාසි සම්පුර්ණ කල යුතුයි. ඔස්ට්‍රේලියාව තුල සේවක අයිතීන් පිලිබඳ නීති ඉතා දැඩි ලෙස විදේශීය සේවකයන්ටත් සම අයිතීන් ලබා දීම සඳහා පනවා තිබෙනවා.
එසේම Judit පවසන්නේ මෙහි තුන් වෙනි සහ අවසාන අදියර වන්නේ විදේශීය අයදුම්කරුවා වීසා සඳහා අයදුම්පත් යොමු කිරීම බවයි.
"මේ අදියරේදී සේවකයා සහ ඔහු මතින් යැපෙන්නන්ට වීසා සඳහා අයදුම් කළ හැකියි. මෙම වීසා ඉල්ලුම්පත් සලකා බැලෙන්නේ එම සේවකයාට අනුමැතිය ලැබූ අනුග්‍රාහකයෙකු සහ අනුමැතිය ලැබූ නාම යෝජනාවක් ඇත්නම් පමණයි."
එසේම ඈ අවධාරනය කරන්නේ සේවායෝජකයින්, විදේශ අයදුම්කරුවන් යන දෙපාර්ශ්වයම ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට මෙම අයදුම්පත ඉදිරිපත් කළ යුතු බවයි.
"සේවායෝජකයා නීත්යානුකූල වියාපාරයක් ඕස්ට්‍රෙලියාව තුල හෝ පිටත කරගෙන යා යුතු අතර, 457 වීසා කාණ්ඩය යටතේ විදේශීය සේවකයකුට අනුග්‍රහය දැක්වීමට දෙපාර්තමේන්තුව වෙත ඉල්ලුම් පත්‍රයක් ද පුරප්පාඩුවක් යෝජනා කිරීමද කළ යුතු අතරම, විදේශීය සේවකයාද 457 වීසා සඳහා ඉල්ලුම් කළ යුතුයී.
මේ අදියර 3ටම අනුමැතිය ලැබිය යුතු බවයි නීතිඥ Judit පවසන්නේ.
"විදේශීය සේවකයාගේ අයදුම් පත්‍රය සාර්ථක වන්නේ, වියාපාර අනුග්‍රහය සහ යෝජිත පුරප්පාඩුවට\අනුමැතිය ලැබුණු විටයි. මෙම අනුග්‍රහයත්, පුරප්පාඩුව යෝජනා කිරීමත්, විදෙස් සේවක ඉල්ලුම් පතත් එක් වරම දෙපාර්තමන්තුව වෙත යොමු කළ හැකියි. නමුත් අනුග්‍රහයටත්, පුරප්පාඩුවටත් අනුමැතිය නොලැබුණහොත් වීසා ඉල්ලුම් පතත් ප්‍රතික්ෂේප වන අතරම ගෙවූ මුදල් නැවත ලබා දීමක් සිදුවන්නේත් නැහැ"
එසේම ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසන්නේ 457 වීසා අයදුම්කරුවන්ට අවම ඉංග්‍රීසි භාෂා නිපුනතාවත්, එම රැකියාවට අදාළ පුහුණුව හා නිපුණතාවත්, සෞඛය රක්ෂණයක් සහ එම රැකියවේ සත්‍ය ලෙස යෙදීමට අවශ්‍යතාවක් තිබිය යුතු බවයි. එසේම,අයදුම්කරුවන් අයදුම්පත් යොමු කිරීමේදී ගාස්තුවක් ගෙවිය යුතු අතර වියාපාරයක්ද අනුග්‍රහය සහ යෝජනා කිරීම සඳහා ගාස්තුව ගෙවිය යුතුයි. AJL Legal හි නීතිඥ Judith පවසන්නේ 457 වීසා අනුමැතිය ලත් අනුග්‍රාහකයෙකු හෝ යෝජිත රැකියාවක් නොමැතිව සලකා නොබැලෙන බවයි.
"විදේශීය සේවකයාට පිළිගත් වියාපාරයක් මගින් අනුග්‍රහය ලබා දීමට කැමැත්ත සහ යෝජිත රැකියාවක් නොමැතිව මේ වීසා කාණ්ඩය සඳහා ඉල්ලුම් කළ නොහැකි."
නැවතත් සැකැවින් පැවසුවොත් 457 වීසා ලාබින්ට වසර 4ක් ඕස්ට්‍රෙලියාවේ සේවය කළ හැකි අතරම, ඔවුන් සමඟ යැපෙන පවුල් සාමාජිකයින් මෙරටට ගෙන්වා ගත හැකි අතරම, ඔවුන්ට ඉගෙනීම, රැකියා කිරීමටත්, රටින් පිටතට ගොස් නැවත පැමිණීමටත් අවසර ලැබෙනවා. මේ සඳහා අනුමත රැකියාවක් සහිත Consolidated Sponsored Occupations list නම් ලැයිස්තුවත්, වීසා පිලිබඳ තොරතුරුත් http://www.border.gov.au/Trav/Visa-1/457- යන වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි.
Share

