සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට අනුබද්ධිත ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතනයක් වන SBS ගුවන් විදුලියේ සිංහල භාෂා වැඩසටහනේ නිෂ්පාදකවරයෙකු ලෙස කටයුතු කිරීමට දැන් ඔබට කදිම අවස්ථාවක් උදාවී තිබේ.
ගුවන් විදුලි වැඩසටහන් මෙන්ම ඩිජිටල් මාධ්‍ය ඔස්සේද වැඩ කටයුතු කිරීමට මේ මගින් ඔබට අවස්ථාව ලැබෙනු ඇත.

SBS සිංහල - නිෂ්පාදක තනතුර
මෙල්බර්න් නුවර හෝ සිඩ්නි නුවර සිට SBS ගුවන් විදුලියේ සිංහල භාෂා වැඩසටහනේ නිෂ්පාදකවරයෙකු ලෙස කටයුතු කිරීමට ඔබට අවස්ථාව ලැබේ.
SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනට මෙන්ම SBS සිංහල වැඩසටහනේ ඩිජිටල් මාධ්‍ය සඳහා ප්‍රවෘත්ති, කාලීන විශේෂාංග ඇතුළු නිර්මාණශීලී අන්තර්ගතයන් නිර්මාණය කිරීම මෙම තනතුරේ වගකීම වෙයි.
මෙය ස්ථිර අර්ධ කාලීන (part time) තනතුරක් වන අතර fortnight සේවා පැය 20 ක් වන සේ සේවා මුර ලේඛනයකට අනුගතව සේවය කළ යුතුය.
ඔබට මීට පෙර ප්‍රවෘත්ති සහ කාලීන තොරතුරු නිෂ්පාදනය කිරීම හා ඉදිරිපත් කිරීම ඇතුළු ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇත්නම් වඩා යෝග්‍ය වේ.

අයදුම් කිරීමට තිබිය යුතු සුදුසුකම්
ප්‍රවෘත්ති සහ කාලීන තොරතුරු නිෂ්පාදනය කිරීම හා ඉදිරිපත් කිරීම ඇතුළු ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් වලට අමතරව මෙම තනතුර සඳහා අයදුම් කිරීමට නම් ඔබ පහත සුදුසුකම් සහ හැකියාවන් නිරූපණය කළ යුතුය.
- ගුවන් විදුලි සහ ඩිජිටල් මාධ්‍ය සඳහා පුවත් සහ තොරතුරු පර්යේෂණය කිරීම, ලිවීම, පරිවර්තනය කිරීම, නිෂ්පාදනය කිරීම සහ ඉදිරිපත් කිරීම.
- අන්තර්ජාල මාධ්‍ය සහ සමාජ මාධ්‍ය පිළිබඳ මනා දැනීමක් තිබීම සහ ඒවායේ හැසිරීම පිළිබඳ මනා අවබෝධයක් තිබීම. (SEO සහ CMS පිළිබඳ දැන සිටීම අමතර සුදුසුකමකි)
- Facebook, Twitter සහ Instagram මෙහෙයවීමේ වෘත්තීය පළපුරුද්දක් ඇතිනම් එය අමතර සුදුසුකමක් වනු ඇත.
- සිංහල මෙන්ම ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණත්වය. (මෙහි සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලියේදී ඔබට භාෂා පරීක්ෂණයකට මුහුණ දීමටද සිදුවේ)
මේ පිළිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා SBS සිංහල සේවයේ විධායක නිෂ්පාදිකාව වන දිනේෂා දිල්රුක්ෂි විජේසූරියව, (03) 9949 2169 දුරකථන අංකයෙන් අමතන්න.
එසේත් නොමැතිනම් dinesha.wijesuriya@sbs.com.au යන ඊමේල් ලිපිනයෙන් වුවද විස්තර දැනගත හැකිය.

අයදුම් කිරීම
SBS සිංහල වැඩසටහනේ මෙම නිෂ්පාදක තනතුර සඳහා ඔබට පහත මාධ්‍ය ඔස්සේ අයදුම් කළ හැකිය.
- SBS Careers
- www.seek.com.au
SBS Careers හරහා අයදුම් කිරීමට මෙතනින් පිවිසෙන්න.
අයදුම්පත් බාරගැනීම 2020 අගෝස්තු 22 වන දින ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් පස්වරු 5 ට අවසන් වේ.
** මේ සඳහා අයදුම් කල හැක්කේ ඔස්ට්‍රේලියාව් දැනට මෙල්බර්න් හෝ සිඩ්නි යන නගර ආශ්‍රිතව ජිවත්වන අයට පමණක් බව කරුණාවෙන් සලකන්න.
SBS සිංහල සේවය,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට
SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර
- ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 105.5 fm ACT
- රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
- අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
- SBS Radio APP (නොමිලේ Download කරගන්න)
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න
SBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala

