SBS මාධ්‍ය ජාලය යනු ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට අයත් මාධ්‍ය ජාලයක්.
SBS සිංහල සේවය SBS මාධ්‍ය ජාලය යටතේ ක්‍රියාත්මක වන භාෂා 68 කින් යුත් සේවා අතර එක් ප්‍රධාන සේවාවක්.
SBS සිංහල සේවය විකාශය වන දින - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා
විකාශය වන වේලාව - පෙරවරු 11 සිට 12 තෙක්

SBS සිංහල සේවයේ දෛනික වැඩසටහන්
SBS සිංහල පුවත්
ඔස්ට්‍රේලියාවේ, ශ්‍රී ලංකාවේ, ජාත්‍යන්තරයේ සහ ක්‍රීඩා පුවත් ඇතුළත් දෛනික පුවත් ප්‍රකාශය පෙරවරු 11 ට.

දවසේ කාලීන තොරතුරු විශේෂාංගය
ඔස්ට්‍රේලියාවේ වඩාත් කතා බහට ලක්වන දේශපාලනික, සාමාජීය සහ සංක්‍රමණික ප්‍රජාව දැනගත යුතු ප්‍රමුඛතම තොරතුරු ඔස්ට්‍රේලියානු බලධාරීන්ගේ අදහස් රැගත් හඬ කොටස්ද සමග මෙමගින් ගෙන එයි.

සම්මුඛ සාකච්ඡා
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට වැදගත් වන වීසා තොරතුරු, රැකියා, සෞඛ්‍ය, ආර්ථික, සාමාජීය සිදුවීම් පිළිබඳව කතා බහ කරන කෙටි සම්මුඛ සාකච්ඡා දෛනිකව.

සතිපතා වැඩසටහන්
සතියේ ශ්‍රී ලාංකේය පුවත් විමසුම - සඳුදා වැඩසටහන
ශ්‍රී ලංකාවෙන් වාර්තා වන නවතම දේශපාලනික පුවත්වල ඇතුලාන්ත තොරතුරු ගෙන එන විශේෂාංගය.
ශ්‍රී ලංකාවේ සිට තොරතුරු වාර්තා කරන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමග.

“ලොව වටා”: සතියේ විදෙස් විත්ති සමාලෝචනය - සිකුරාදා වැඩසටහන
සතියේ ලොව පුරා වාර්තා වන නවතම විදෙස් තොරතුරු එකතුව මිනිත්තු 12 කින්.
AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා සමග.

සතියේ ක්‍රීඩා විග්‍රහය - සිකුරාදා වැඩසටහන
සතිය පුරාම සිදුවන ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රවල නවතම තොරතුරු ගෙන එන විශේෂාංගය.
ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.

මාසික වැඩසටහන්
SBS සිංහල සේවය සෑම මාසයකම අවසාන සතියේදී අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දින තුන තුළ මාසික විශේෂාංග ඔබ වෙත ගෙන එයි.
'විනිවිද' ජනතා මත විමසුම - සෑම මසකම අවසාන අඟහරුවාදා
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකේය ප්‍රජාවට බලාපාන ගැටළු සහ සිදුවීම් පිළිබඳ ශ්‍රී ලාංකිකයින්ට අදහස් පළ කිරීමට ලැබෙන ජනතා වේදිකාව.

කැන්ගරු දේසේ සිංහල පොත් - සෑම මසකම අවසාන අඟහරුවාදා
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ලියූ කෘති සාකච්ඡාවට ලක් කෙරෙන විශේෂාංගය.

විශ්ව සාහිත්‍යයේ රස මංපෙත් - සෑම මසකම අවසාන අඟහරුවාදා
විශ්ව සාහිත්‍යයේ කෘති සහ එහි සිංහල පරිවර්තන පිළිබඳ වන රසවින්දනාත්මක විචාරයක්.

මගේ ගීතය - සෑම මසකම අවසාන බ්‍රහස්පතින්දා
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ගී පද රචකයින්, ගායකයින් සහ සංගීතඥයින්ගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ පිළිබඳ පිළිසඳර.

The Next Generation - සෑම මසකම අවසාන බ්‍රහස්පතින්දා
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවේ මීළඟ තරුණ පරපුරෙහි දක්ෂතා ඔබ හමුවට ගෙන එන විශේෂාංගය.

නොදුටු සිනමාව - සෑම මසකම අවසාන බ්‍රහස්පතින්දා
ලෝක සිනමාවේ සුවිශේෂීතා හෝ සිනමා කෘතීන්ගේ හෝ සම්මානිත සිනමාවේදීන්ගේ ඔබ නුදුටු පැතිකඩ පිළිබඳ විවරණයක්.
ශ්‍රී ලංකාවේ සිනමා විචාරක විදර්ශන කන්නංගර සමග.

Australian Rural Beauty (මාසික ගුවන් විදුලි චාරිකාව) - සෑම මසකම අවසාන සිකුරාදා
ඔස්ට්‍රේලියාවේ අප්‍රකට ප්‍රාදේශීය පෙදෙස්වලට ඔබව රැගෙන යන අපූර්වතම ගුවන් විදුලි චාරිකාව.
SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වාර්තාකරු ජනක වීරසිංහ සමග.

Apple Podcasts, Google Podcasts, Spotify වැනි සියලුම Podcasts හරහාද SBS සිංහල සේවය ගෙන එන සියලුම විශේෂාංග සවන් දිය හැකියි.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————

