SKIP TO MAIN CONTENT

SBS ගුවන් විදුලියේ සිංහල වැඩසටහන සදහා නව ඩිජිටල් නිෂ්පාදකවරයෙකු වීමට ඔබටත් අවස්තාවක් !

අයදුම්පත් බාර ගැනීම නොවැම්බර් 24 දායින් අවසන් වේ.

SBS Sinhalese Digital producer
Source: SBS

1 min read

Published



Skip to article content

SBS ගුවන් විදුලියේ සිංහල භාෂා වැඩසටහනේ දිනෙන් දින වැඩි වන ශ්‍රාවක අවශ්‍යතා සදහා SBS සිංහල විධායක නිෂ්පාදිකාව ඇතුළු නිෂ්පාදක කණ්ඩායම සමග එක්ව ඩිජිටල් නිෂ්පාදකවරයෙකු (Digital Producer) ලෙස කටයුතු කිරීමට මෙන්න ඔබට කදිම අවස්ථාවක්.

ඔබට නිර්මානශිලිව සමාජ ජාල / වෙබ් අඩවි හැසිරවීමේ හැකියාවක් ඇතැයි ඔබ සිතනවානම්, ඔබ නිර්මාණශීලි අයෙක් නම් , සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන ඕස්ට්‍රේලියාවේ රජයට අනුබද්දිත පිළිගත් මාධ්‍ය ආයතනයක සේවය කිරීමට මෙය ඔබට ලැබෙන මහඟු අවස්තාවක් ...

සිංහල හා ඉංග්‍රීසි භාෂා ද්විත්වයම හොඳින් හැසිරවිය හැකි නම්;

ශ්‍රව්‍ය හා දෘශ්‍ය සංස්කරණ මෘදුකාංග භාවිතයට හැකියාවක් ඇතිනම්;

Photoshop භාවිත කිරීමේ හැකියාවක් ඇතිනම්;

සිංහල ප්‍රජාව තුල ප්‍රචලිත වන වාර්තා හඳුනා ගැනීමට සහ ඒවා ඩිජිටල් මාධයෙන් ඉදිරිපත් කිරීමට හැකි නම්;

ඔබට මේ සඳහා අයදුම් කළ හැකියි.

ජනමාධ්‍ය හා වැඩසටහන් ඉදරිපත් කිරීමේ පසුබිමක් සහිත වීම අමතර සුදුසුකමකි.

අයදුම්පත් බාරගන්නා අවසාන දිනය - නොවැම්බර් 24 වන සිකුරාදා.

වැඩි විස්තර සඳහා පහත මාර්ගවලින් ලබා ගත හැකියි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now