SKIP TO MAIN CONTENT

ගීතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ තීන්දුවට වාරණයක්.

Sri Lanka Politics
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily News



Skip to article content

ගාල්ල දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය වලංගු නොවන බවට අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුව ලබන 15 දා තෙක් අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

ඒ අදාළ තීන්දුවට එරෙහිව මන්ත්‍රීවරිය ගොනු කළ පෙත්සමක් ඊයේ (12/05) ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවු අවස්ථාවේදී මෙම නියෝගය ලබා දුන් බව සඳහන්.

එමෙන්ම මන්ත්‍රීවරිය ගොනු කළ පෙත්සම ද ලබන 15 වනදා සලකා බැලීමටයි තීරණය වී ඇත.

ගාල්ල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ (එජනිස) මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසිවී ඇති බව පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට දැනුම්දී තිබුණි.

මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත ලිඛිතව අදාළ දැනුම් දීම සිදුකළ බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් දැරීමට සුදුසුකමක් නොමැති බවට පසුගියදා අභියාචනාධිකරණය තීන්දුවක් ලබා දුන්නේය.

ගීතා කුමාරසිංහ මහත්මියට ස්විට්සර්ලන්තයේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය පවතින අතර 19 වන සංශෝධනයට අනුව ද්විත්ව පුරවැසිභාවය හිමි තැනැත්තෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් දැරිය නොහැකි බව සඳහන් කරමින් ගාල්ල දිස්ත්‍රීක්කයේ ඡන්ද දායකයින් පිරිසක් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය එම නියෝගය ප්‍රකාශයට පත් කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now