SKIP TO MAIN CONTENT

කොරෝනා හමුවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පාසල් හෙට සිට වසා දැමීමට තීරණය කරද්දී පාසල් දිගටම විවෘතව තබන බව අගමැති මොරිසන් කියයි

Scott Morrison - Prime Minister of Australia
Scott Morrison - Prime Minister of Australia Source: AAP

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

වික්ටෝරියානු ප්‍රාන්තයේ සියලුම පාසල් හෙට (24/03) සිට වසා දැමීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

කොරෝනා වයිරසය පැතිරීම වැළක්වීමේ අරමුණින් මෙම පියවර ගත් බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසුවේය.

පාස්කු පාසල් නිවාඩුව එළඹෙන මාර්තු 28 වනදායින් ආරම්භ වීමට නියමිතව තිබුණද පවතින හදිසි හා බරපතල තත්ත්වය මත එම නිවාඩුව දින 4කට පෙර ලබා දීමට ප්‍රාන්ත රජය ඊයේ තීරණය කළේය.

මේ අතර Australian Capital Territory ද සිය ටෙරිටරියේ සියලු පාසල් සඳහා හෙට දින සිට වසා දැමීමට තීරණය කර තිබේ.

පාස්කු නිවාඩුව අවසන්වූ පසුව පාසල් නැවත විවෘත කිරීමට අපේක්ෂා කරන බව වාර්තා වේ.

කෙසේනමුත්, කොරෝනා වයිරසය හමුවේ පාසල් වසා නොදමා සුපුරුදු පරිදි අධ්‍යන කටයුතු සිදු කරන ලෙස අගමැති මොරිසන් ඊයේ (22/03) පැවසුවේය.

ඒ අනුව වික්ටෝරියානු ප්‍රාන්තය හා Australian Capital Territory හැර සෙසු ප්‍රාන්ත වල පාසල් පාස්කු නිවාඩුව ආරම්භ වන තෙක් විවෘතව පවතිනු ඇත.

කෙසේනමුත්, තම දරුවන්ව නිවසේ තබා ගැනීමට දෙමාපියන්ට අවස්ථාවක් ඇති බවද අගමැති මොරිසන් පැවසුවේය.

කොරෝනා වයිරසය සම්ප්‍රේෂණය වීම දරුවන් අතර ඉතා අවම මට්ටමක පවතින බව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය Brendan Murphy පවසයි.

දරුවන්ගේ අධ්‍යාපනය මෙම තත්ත්වය නිසා කඩාකප්පල් වනු දැකීමට තමන් අකමැති බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.  

මේ අතර තම දරුවන්ව නිවසේ තබා ගැනීමට හැකියවක් ඇත්නම් දෙමාපියන්ට එම තීරණය ගැනීමට හැකි බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian ද අද (23/03) පෙරවරුවේ පැවසුවාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now