කොරෝනා වයිරසය නිසා වික්ටෝරියානු ප්‍රාන්තයේ සියලුම පාසල් මාර්තු 24 සිට නැවත දැනුම්දෙන තුරු වසා දැමෙයි

States and territories are slowly staggering face to face lessons at school.

The priciest items are uniforms, often costing more than $200 for primary school students. Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්තයේ සියලුම පාසල් එළඹෙන අඟහරුවාදා (24/03) සිට යළි දැනුම් දෙනතුරු වසා දැමීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

කොරෝනා වයිරසය පැතිරීම වැළක්වීමේ අරමුණින් මෙම පියවර ගත් බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසුවේය.

පාස්කු පාසල් නිවාඩුව එළඹෙන මාර්තු 28 වනදායින් ආරම්භ වීමට නියමිතව තිබුණද පවතින හදිසි හා බරපතල තත්ත්වය මත එම නිවාඩුව දින 4කට පෙර ලබා දීමට ප්‍රාන්ත රජය අද (22/03) තීරණය කළේය.

පාසල් නැවත ආරම්භ කරන දිනය සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කර තීරණය කරන බවද වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසුවේය.

මේ අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේද සියලුම පාසල් බොහෝ දුරට එළඹෙන අඟහරුවාදා (24/03) සිට යළි දැනුම් දෙනතුරු වසා දැමීමට පියවර ගනු ඇතැයි වාර්තා වේ.

ඒ පිළිබඳ අවසන් තීරණය අද (22/03) රාත්‍රියේ දැනුම් දෙන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය.


Share

Published

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service