Big Bash League : 31 වන තරගය: Hobart Hurricanes කඩුලු 7 කින් පරදා ජය ලැබූ Perth Scorchers අවසන් පූර්ව වටයට.

Big Bash League - Hurricanes v Scorchers

during the Big Bash League match between the Hobart Hurricanes and the Perth Scorchers at Blundstone Arena on January 21, 2017 in Hobart, Australia. Source: Cricket Australia

ඔස්ට්‍රේලියාවේ මේ දින වල පැවැත්වෙන Big Bash League ක්‍රිකට් තරගාවලියේ 31   වන තරගය ලෙස හෝබාට් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ඊයේ (21/01) පැවති තරගයෙන්  Hobart Hurricanes පරදා Perth Scorchers කණ්ඩායම කඩුලු 7 ක ජයක් අත් කරගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

කාසියේ වාසිය දිනු Perth Scorchers කණ්ඩායම Hobart Hurricanes හට ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ආරාධනා කළේය.

ඒ අනුව Hobart Hurricanes කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 කට ලකුණු 134 ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Perth Scorchers කණ්ඩායම පන්දුවාර 13 යි පන්දු 5 කදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 135ක් ලබාගනිමින් ජය හිමි කර ගත්තේය.

Perth Scorchers කණ්ඩායමේ ෂෝන් මාර්ෂ් ලකුණු 57 ක් ලබාගත් අතර තරගයේ වීරයා සම්මානයෙන්ද ඔහු පිදුම් ලැබීය.


1 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now