SKIP TO MAIN CONTENT

Big Bash League : 31 වන තරගය: Hobart Hurricanes කඩුලු 7 කින් පරදා ජය ලැබූ Perth Scorchers අවසන් පූර්ව වටයට.

Big Bash League - Hurricanes v Scorchers
during the Big Bash League match between the Hobart Hurricanes and the Perth Scorchers at Blundstone Arena on January 21, 2017 in Hobart, Australia. Source: Cricket Australia

1 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

ඔස්ට්‍රේලියාවේ මේ දින වල පැවැත්වෙන Big Bash League ක්‍රිකට් තරගාවලියේ 31   වන තරගය ලෙස හෝබාට් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ඊයේ (21/01) පැවති තරගයෙන්  Hobart Hurricanes පරදා Perth Scorchers කණ්ඩායම කඩුලු 7 ක ජයක් අත් කරගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

කාසියේ වාසිය දිනු Perth Scorchers කණ්ඩායම Hobart Hurricanes හට ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ආරාධනා කළේය.

ඒ අනුව Hobart Hurricanes කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 කට ලකුණු 134 ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Perth Scorchers කණ්ඩායම පන්දුවාර 13 යි පන්දු 5 කදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 135ක් ලබාගනිමින් ජය හිමි කර ගත්තේය.

Perth Scorchers කණ්ඩායමේ ෂෝන් මාර්ෂ් ලකුණු 57 ක් ලබාගත් අතර තරගයේ වීරයා සම්මානයෙන්ද ඔහු පිදුම් ලැබීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now