SKIP TO MAIN CONTENT

කොරෝනා මැඩලීමට පිහිටවූ ජාතික කැබිනට් මණ්ඩලය නොකඩවා පවත්වාගෙන යාමට ඔස්ට්‍රේලියානු අගමැතිගේ අවධානය යොමුවෙයි

Scott Morrison considers making National Cabinet permanent
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාව තුළ කොරෝනා වසංගතය මැඩලීමේ අරමුණින් පිහිටවූ ජාතික කැබිනට් මණ්ඩලය නොකඩවා ඉදිරියටත් පවත්වාගෙන යාම සුදුසු බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison ඉඟි පළ කර තිබේ.

ඔස්ට්‍රේලියාව තුළ කොරෝනා වසංගතය මැඩලීම සඳහා වූ ක්‍රියාන්විතයේ දී ඒ පිළිබඳ තීරණ ගැනීම සඳහා මෙම ජාතික කැබිනට් මණ්ඩලය යටතේ අගමැති මොරිසන් ප්‍රමුඛ ප්‍රාන්ත අගමැතිවරු සහ ටෙරිටරි වල ප්‍රධාන අමාත්‍යවරු නිරතුරුවම සාකච්ඡා කිරීම සිදුවේ.

මෙම ජාතික කැබිනට් මණ්ඩලය හරහා ඔස්ට්‍රෙලියාවේම තොරතුරු හුවමාරු කරගැනීම සහ කාලීන මෙන්ම ස්ථායි තීරණ ගැනීම වැනි කාර්යයන් නියමාකාරයෙන් සිදුකරගැනීමට හැකියාව ලැබීම නිසා මෙය අනාගතයේදීත් ක්‍රියාත්මක කිරීමට යෝග්‍ය පද්ධතියක් බව අගමැති මොරිසන් පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now