කොරෝනා වයිරසය පිළිබඳ කලබල නොවී සංයමයකින් තම දෛනික වැඩ කටයුතු සිදු කරගෙන යන ලෙස ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison සියලු ඔස්ට්‍රේලියානු වාසීන්ට දැනුම් දෙයි.
චීනයේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අපේක්ෂිත පුද්ගලයින්ට තවත් සතියක් යන තුරු සංචාරක තහනම දීර්ග කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කිරීමත් සමගම අගමැතිවරයා මෙම ප්‍රකාශය සිදු කළේය.
මීට පෙර එම තහනම සති දෙකක කාලයක් දක්වා පැවතුණි.
කොරෝනා වයිරසය ගෝලීය වශයෙන් වසංගත රෝගී තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කිරීමට ආසන්නව ඇති බව මේ වන විට වාර්තා වේ.
එමෙන්ම කොරෝනා වයිරසය චීනය අභ්‍යන්තරයට වඩා චීනයෙන් පිටත ශීග්‍රයෙන් පැතිරෙන බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
කුමන තත්ත්වයක් පැමිණියත් ඔස්ට්‍රේලියාව ඊට මුහුණ දීමට සූදානම් බව අගමැති මොරිසන් අවධාරණය කළේය.
කොරෝනා වයිරසය සම්බන්ධයෙන් හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ඔස්ට්‍රේලියානු ගුවන් තොටුපොළවල්, වරායවල් සඳහා අමතර ආරක්ෂක මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට අදහස් කර තිබේ.
එමෙන්ම මෙම වයිරසය වසංගතයක් ලෙස පැතිරී යාම ආරම්භ වුවහොත් පාසල් ඒ සම්බන්ධව ක්‍රියා කළ යුතු ආකාරය මෙන්ම අමතර නිරෝධායන කටයුතු සිදුකරන ආකාරය පිළිබඳවද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ වන විටත් තීරණ ගෙන අවසන් බව වාර්තා වේ.

