ඔස්ට්‍රේලියාව තුල ඇති වන ලැව් ගිනි වෙත හේතු වන දේශගුණික විපර්යාසය හා ඒ සදහා ලබා දෙන ප්‍රතිචාර හා ප්‍රාන්ත හා මධ්‍යම රජයේ වගකීම සම්බන්ධෙයන් රාජකීය කොමිසමක් ක්‍රියාත්මක කිරීමට අග්‍රාමාත්‍ය Scott Morrison තීරණය කොට තිබේ. මේ බව ප්‍රකාශයට පත් කරමින් අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ ඔහුටත් පෞද්ගලිකව මෙම ව්‍යසනයේදී ක්‍රියා කිරීමට වෙනස් මගක් ගත හැකිව තිබු බව.
මෙම ව්‍යසනයෙන් පුද්ගලයන් 28 දෙනෙකු මිය ගිය අතර අග්‍රාමාත්‍යවරයා ඒ අතරේ පෞද්ගලික නිවාඩුවක් ගත කිරීමටත් ගත් පියවර නිසා විවේචන එල්ල විය.
මේ අතර රජය විසින් ඩොලර් මිලියන 76ක විපතට පත් වුවන් හා ගිනි නිවන භටයන් සදහා වන මානසික සෞඛ්‍ය වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ඔහු ABC නාලිකාව සමග සාකච්චාවකට එක් වෙමින් ප්‍රකාශ කලේ එම අවස්ථාවේ පෞද්ගලික නිවාඩුවකට නොයා සිටිය යුතුව තිබු බවයි. මෙම අවස්ථාවේ සංවේදී වූ ජනතාවක් සිටි බවත් ව්‍යසනය ඉතා දැඩි වූ හෙයින් ජනතාව මීට පෙර වාර වලට වඩා රජයෙන් සහය බලාපොරොත්තු වූ බවත් ඔහු පැවසුවා. නමුත් එය පෙර සුදානමක් නොතිබූ තත්වයක් බවත් මෙවන් තත්ත්ව ඉදිරියේ වලක්වා ගැනීමට නව නීති හා ප්‍රාන්ත රජයන් සමග එකගතා අවශ්‍ය බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.
එසේම මෙහිදී සහයට ආරක්ෂක අංශ නිලධාරීන් 3000ක් යෙදවීමත් , ප්‍රාන්ත රජයන් ගේ ප්‍රතිචාරය නොතකා කටයුතු කිරීමට ආරක්ෂක අංශ නායකයින්ට ඉඩ ලබා දීමත් රජය ව්‍යවස්ථාමය අතින් අපහසු තත්වයට පත් කොට ඇති නිසා, එය ප්‍රාන්ත නායකයින් සමග සාකච්චා කල යුතු බවත් ඔහු පවසයි.
දැනට ඕස්ට්‍රේලියාවේ federal state of emergency නම් හදිසි තත්ත්ව ක්‍රියාත්මක කල නොහැකි නිසා ඒ සදහා ප්‍රාන්ත වලින් බලය ලබා ගත යුතු බැවින් මෙම රාජකීය කොමිසම පිළිබද කරුණු ප්‍රාන්ත වෙත ඉදිරිපත් කිරීමට රජය සැරසේ
මේ අතර ව්‍යසනයේ මුල් කාලයේ රජය ක්‍රියා කල ආකාරය පිළිබද විවේචන එල්ල වෙද්දී , අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ රජය ඔවුන්ට ලැබුණු සියලු නිර්දේශ මත ක්‍රියා කල බවයි. එසේම රජය විසින් දේශගුණික විපර්යාසය පිළිබද ප්‍රතිපත්ති තවත් වැඩි දියුණු කරන බවත්, කාබන් විමෝචන ඉලක්ක සංශෝධනයත් ඊට අයත් බවත් ඔහු පැවසීය. එසේම එම කාබන් විමෝචන ඉලක්ක ප්‍රතිපත්තිමය රාමුව යටතේ වර්ධනය් කරන බව ඔහු පැවසීය.
මේ අතර කම්කරු පක්ෂ නායක Anthony Albanese පවසන්නේ ලැව් ගිනි වලට ප්‍රාන්ත සීමා මායිම් නොමැති නිසා ඒ සදහා මධ්‍යම රාජ්‍ය ප්‍රතිපත්තියක් අවශ්‍ය බවයි. ඔහු රාජකීය කොමිසමට එකග වුවත් එමගින් ක්‍රියා කිරීම ප්‍රමාද නොවිය යුතු බව පවසයි
මේ අතර Australian Council of Social Service විසින් රජයේ මානසික සෞඛ්‍ය වැඩසටහන අගය කර ඇති අතර රජය ඉක්මනින්ම ආපදා සහන වැඩි කල යුතු බවත් රක්ෂණ දීමනා සංශෝධනය කල යුතු බවත් ඔවුන් පවසයි. එම ආයතනේ ප්‍රධානී Cassandra Goldie පවසන්නේ රටේ ස්වාභාවික ව්‍යසන වැඩි වීමත් සමග ජනයාගේ රක්ෂණ වාරික ඉහල යාම නිසා අඩු ආදායම් ලාබීන් රක්ෂණය වීම අඩු විය හැකි බවයි.
Source: SBS News