SKIP TO MAIN CONTENT

Kevin Rudd ට පසුව පසුගිය දශකයේදී කැපී පෙනෙන ලෙස පැසසුමට පත් එකම ඔස්ට්‍රේලියානු අගමැතිවරයා බවට Scott Morrison පත්වෙයි

Scott Morrison's approval ratings have soared to the highest level for a national leader in more than a decade
Australian PM - Scott Morrison Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

කොරෝනා වයිරසය මැඩලීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ගෙනයන වැඩපිළිවෙල අතරේ අගමැති Scott Morrison ගේ ජනප්‍රියභාවය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

ඔස්ට්‍රේලියානු දේශපාලනය පිළිබඳ සමීක්ෂණ සිදුකරන නවතම Newspoll මත විමසුමෙන් මේ බව අනාවරණය වී තිබේ.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැතිවරයෙකු වන Kevin Rudd ට පසුව පසුගිය දශකයේදී මෙලෙස කැපී පෙනෙන ලෙස ජනප්‍රියත්වයට සහ පැසසුමට පත් එකම ඔස්ට්‍රේලියානු අගමැතිවරයා ලෙස Scott Morrison වාර්තා වේ.

වසර 2009 දී ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ඔස්ට්‍රේලියාවට සාර්ථකව නැගී සිටීමට එවකට සිටි අගමැති Kevin Rudd විශාල වැඩකොටසක් සිදුකළා සේම කොරෝනා වසංගත අර්බුදයේදී වත්මන් අගමැති Scott Morrison ද ඔස්ට්‍රේලියාව වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදුකරමින් සිටින බව එම ප්‍රතිඵල වලින් නිරීක්ෂණය වන බව සඳහන්.

මෙවර Newspoll මත විමසුමේදී අගමැති Scott Morrison හට 53% ක ජනතා කැමැත්තක් හිමිවී ඇති අතර විපක්ෂ නායක Anthony Albanese හට 29% ක ජනතා මනාපයක් හිමිව ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now