SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ ඇඳුම් පිළිබඳ නව නීති ගෙන එන්නට යෝජනාවක්.

Senate procedures committee should consider changes to the parliamentary dress code : Attorney-General.
Source: SBS

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

One Nation පක්ෂයේ නායිකා Pauline Hanson පසුගිය සතියේ පාර්ලිමේන්තු සභාවට බුර්කාවකින් සැරසී පැමිණීම හේතුවෙන් පාර්ලිමේන්තුවට පැමිණිය යුතු ඇඳුම් පිළිබඳ සංශෝධනයක් සිදු කිරීමට සෙනට් සභාවේ මෙහෙයුම් කමිටුව අවධානය යොමු කළ යුතු බව නීතිපති George Brandis පවසයි.

බුර්කාව වැනි ආගමික ඇඳුම් අයුතු ආකාරයෙන් පාර්ලිමේන්තුව තුළට ඇඳගෙන ඒම සුදුසු දැයි කියා සෙනට් සභාවේ මෙහෙයුම් කමිටුව විමසා බැලිය යුතු බවද ඔහු ප්‍රකාශ කරයි.

සෙනට් සභිකයින් පාර්ලිමේන්තුවට පැමිණීමේදී නිශ්චිතව ඇඳිය යුතු  ඇඳුම් පිළිබඳ කිසිදු නීතියක් මේ වන විට ක්‍රියාත්මක නොවන අතර තමන්ගේ ස්වාධීන කැමැත්ත මත තම ඇඳුම තීරණය කිරීමට ඔවුන්ට අවස්ථාව ලැබී ඇත.

Pauline Hanson පසුගිය සතියේ පාර්ලිමේන්තු සභාව තුළ ක්‍රියා කළ ආකාරය අනුමත කළ නොහැකි බවද නීතිපති George Brandis, Sky පුවත් සේවයට පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now