ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම පුරවැසිභාවය පිළිබඳ නිරවද්‍ය තොරතුරු දෙසැම්බර් 01 වනදාට පෙර ලබා දිය යුතු බවට තීරණයක්.

Dual citizenship saga

Source: SBS

ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ අර්බුදය ඉතා ඉක්මනින් විසඳීමට ලිබරල් සන්ධානය සහ කම්කරු පක්ෂයට එකට එක්ව හැකි වෙතැයි ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් විශ්වාස කරයි.

ඒ අනුව එළඹෙන දෙසැම්බර් 01 වන දිනට පෙර පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්  පුරවැසිභාවය පිළිබඳ නිරවද්‍ය තොරතුරු පාර්ලිමේන්තුවට හෙළි කළ යුතු වේ.

මෙම අර්බුදය විසඳා ගැනීමට මෙම ක්‍රමය මනාව ගැලපෙන බවද අගමැති ටර්න්බුල් පැවසීය.

ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේ මේ වන විට ඇතිවී ඇති ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ අර්බුදය හේතුවෙන්  ලබන වසරේදී මහ මැතිවරණයක් පැවැත්වීමට රජය අපේක්ෂා කරනවා යන පුවත ලිබරල් සන්ධාන රජයේ ඉදිරි පෙළ මන්ත්‍රී Christopher Pyne ප්‍රතික්ෂේප කරයි.

ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ අර්බුදය හේතුවෙන් අගමැති ටර්න්බුල් ඉක්මන් මැතිවරණයක් කැඳවනු ඇතැයි ලිබරල් සන්ධානයේ ඇතැම් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් බියෙන් පසුවන නමුත් එලෙස මැතිවරණයක් නොපවත්වන බවත් ලිබරල් සන්ධාන රජයේ බලය ගිලිහී යාම පිළිබඳ ප්‍රශ්නයක් නොමැති බවත්  Christopher Pyne , Channel 10 වෙත පැවසීය.

SBS පුවත් ඇසුරෙනි.


1 min read

Published

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now