තායිලන්ත හිටපු අග්‍රාමාත්‍ය යින්ග්ලුක් ෂිනවත්‍රාට වසර 5ක සිර දඬුවමක් පැනවීමට ඊයේ (27/09) එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
2011 වසරේ ඇයට බලයට පත්වීමට ඉඩ සැලසූ මතබේදයට තුඩු දුන් සහල් සහනාධාර ක්‍රමවේදයේ සිදු වූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ල වූ අතර පසුගිය සැප්තැම්බර් 25 වන දින එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.
කෙසේවෙතත් හිටපු අග්‍රාමාත්‍යවරිය එදින අධිකරණයේ පෙනී නොසිටි අතර ඇය අසනීප තත්ත්වයෙන් පසුවන බව ඇගේ නීතීඥවරුන් අධිකරණයට දැනුම් දී තිබේ.
මේ අතර ඒ පිළිබඳ නඩුව ඊයේ නැවත කැඳවූ අවස්තාවේදී හිටපු අගමැතිනී ෂිනවත්‍රාට වසර 5ක සිර දඬුවමක් පැනවීමට තායිලන්ත ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
එමෙන්ම, මාසයක පමණ කාලයක පටන් ඇය තායිලන්තයෙන් පලාගොස් සැඟවී සිටින බවද ඇතැම් පුවත් පෙන්වා දෙයි.
කෙසේවෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරනවාද යන්න පිළිබඳ තවමත් තීරණය කර නොමැති බව ඇගේ නීතීඥ Norrawit Larlaeng පවසයි.

