2016 විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය පසුගියදා නිමාවට පත් වූ අතර මෙවර තරගාවලියේ කාන්තා කේවල ශුරතාවය හිමි කරගත්තේ, ඇමරිකානු සුපිරි ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් විසිනි. ජර්මානු ක්‍රීඩිකා Angelique Kerber සහ සෙරීනා අතර පැවති අවසන් තරගය, 7-5 ක් සහ 6-3 ක් ලෙස ජයගන්නට සෙරීනා සමත් වූ අතර, ඇය විම්බල්ඩන් ශුරතාවය හිමිකරගත් හත්වැනි වතාව මෙයයි. මෙවර ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් තරගයේදී සෙරීනා පරාජයට පත් කරන්නට Angelique Kerber සමත් වුවත්, මෙම තරගයේදී සෙරීනා අභිබවා යන්නට ඇයට හැකියාව නොලැබුණු අතර, සෙරීනා තම 22 වැනි Grand slam ජයග්‍රහණය තමන්ගේ වාර්තා අතරට එක් කරගන්නට මේ සමගින් සමත් වීම විශේෂ සිදුවීමක්. ජර්මානු සුපිරි ටෙනිස් ශුරියක් වූ Steffi Graf විසින් Grand slam ජයග්‍රහණය 22ක් සමගින් බිහිකර තිබු වාර්තාව සම්කරන්නට සෙරීනා මෙහිදී සමත් වීම තවත් වැදගත් සිදුවීමක්. සෙරීනා විසින් ප්‍රථම වතාවට විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය ජයග්‍රහණය කරන්නේ 2002 වසරේදී වන අතර වසර 14කට පසුව ඇයට 34 හැවිරිදි වියේදී හිමිකරගත් මෙම ජයග්‍රහණය ඇයගේ ක්‍රීඩා දිවිය තුල සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස දැක්විය හැකියි.
Brexit හේතුවෙන් සෙරීනාගේ ත්‍යාග මුදල් කප්පාදු වෙයි

මෙවර විම්බල්ඩන් ජයග්‍රහණය වෙනුවෙන් සෙරීනා විලියම්ස් හට හිමිවීමට නියමිත වූ ත්‍යාග මුදල ඩොලර් මිලියන 2.97ක් වූ අතර, බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙන් එරට මුල්‍ය වෙලදපොලට සිදු වූ හානිය හේතුවෙන් එම ත්‍යාග මුදල ඩොලර් මිලියන 2.59ක් බව සදහන්. Brexit හේතුවෙන් ඇයගේ ප්‍රතිවාදී ක්‍රීඩිකා Angelique Kerber හට හිමිවීමට නියමිත වූ ත්‍යාග මුදල ඩොලර් 270,000 කින් අඩු වූ බව සදහන්.
පිරිමි කේවල ශුරතාවය ඇන්ඩි මරේට

තරගාවලියේ මුලික වටයේ තරග වලදී අභියෝග රැසකට මුහුණ දෙමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ බ්‍රිතාන්‍ය ක්‍රීඩක ඇන්ඩි මරේ හට මෙවර විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ ජයග්‍රහණය අත්කරගැනීම අසීරු කාරණයක් වනු ඇති බව සමහරක් ක්‍රීඩා විචාරකයින් මත පළකරද්දී, කැනේඩියානු ක්‍රීඩක Milos Raonic පරාජයට පත් කරමින් තරගාවලියේ පිරිමි කේවල ශුරතාවය හිමිකරගන්නට ඇන්ඩි මරේ සමත් විය. මෙය මරේගේ දෙවැනි විම්බල්ඩන් ජයග්‍රහණය වන අතර තෙවැනි Grand Slam ජයග්‍රහණයයි. 25 හැවිරිදි Milos Raonic Grand Slam තරගාවලියක අවසන් තරගයකට සුදුසුකම් ලැබූ ප්‍රථම වතාව මෙය වන අතර, ඇන්ඩි මරේ Grand Slam අවසන් තරගයකට සුදුසුකම් ලැබූ 11 වන වතාව මෙය බව සදහන්. ලෝක ශ්‍රේණිගත කිරීමේ අංක දෙකේ සිටින මරේ මීට 2012 වසරේ ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ ශුරතවයද, 2013 වසරේ විම්බල්ඩන් ශුරතවයද හිමිකරගෙන තිබේ. මෙවර විම්බල්ඩන් ජයග්‍රහණය වෙනුවෙන් මරේ හට හිමිවූ ත්‍යාග මුදල බ්‍රිතාන්‍ය පවුම් මිලියන 2ක් බව සදහන්.

