SBS සිංහල සේවයෙන් ඕස්ට්‍රේලියාවේ ස්ථාපිත වීමට ඔබට සපයන අත්වැල - මෙවර ශිෂ්‍ය වීසා යටතේ ජාත්‍යන්තර සිසුන්ට ඇති රැකියා කිරීමේ අයිතීන්

Female teacher holding blank board in front of class portrait

Female teacher holding blank board, in front of class, portrait Source: AAP

ඔස්ට්‍රේලියාව තුලට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ගයක් වන්නේ ජාත්‍යන්තර සිසුන්. ඔවුන් නිසා පසුගිය වසර තුල ඩොලර් බිලියන 19ක ආදායමක් මෙරටට ලැබී තිබෙනවා. නමුත් ඔස්ට්‍රේලියාව තුල ශිෂ්‍ය වීසා ලබීන්ට රැකියා කිරීමේදී විවිද අක්‍රමිකතා සිදු වන බවද වාර්තා වෙනවා.

එක්සත් රාජධානිය හා කැනඩාවට වඩා ඔස්ට්‍රේලියාව තුල සිසුන්ට රැකියා කිරීමේ අවසර ඇති නිසා ඔස්ට්‍රේලියාව සිසුන් අතර ප්‍රචලිත වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාව තුල අධ්‍යයන කාල වලදී සති දෙකකට පැය 40ක් ද නිවාඩු කාල වලදී පුර්ණ කාලීනවද රැකියා කිරීමේ අවස්තාව සිසුන්ට තිබෙනවා.අනෙක් සේවකයන්ට සේම ජාත්‍යන්තර සිසුන්ටද නිවාඩු, රජයේ නිවාඩු, ජාතික රැකියා තත්ත්ව ප්‍රමිතීන් හා උපරිම පය ගණනකට යටත්ව සේවය කිරීම ආදී අයිතීන් තිබෙනවා.

Australian Council for International Students හි සභාපතිනි Nina khairina පවසන්නේ සමහර රැකියා ස්ථාන වල කොන්ත්‍රාත් නොමැතිව වැටුප් සහතික නොමැතිව, ආරක්ෂාකාරී නොවන වාතාවරණ යටතේ අවම වැටුප වත් නොලබා සිසුන් සේවය කරන බවයි.

Anti slavery Australia සංවිදානයේ අධ්‍යක්ෂ මහාචාර්ය ජෙනිෆර් බේරන් පවසන්නේ ඔස්ට්‍රේලියාව තුල අධික ජීවන වියදම නිසා සිසුන් ලැබෙන ඕනෑම රැකියාවක් කිරීමට පෙළඹෙන නිසා මෙසේ අපයෝජනයට ලක් වන බවයි.

Anti slavery Australia සංවිදානය මෙසේ අපයෝජනයට ලක් වන සිසුන්ට නීතිමය සහන සලසනවා.

එසේම සමහර රැකියා ස්ථාන වල සිසුන්ට අන් යට කතා කිරීමට ඉඩ නොදී , අඩු වැටුප් ලබා නොදී, ගමන් බල පත්‍ර පවා හාම්පුතුන් භාරයේ තබා ගැනීමද වාර්තා වෙනවා.

මෙසේ සිසුන් අපයෝජනයට ලක් කර ඇති ප්‍රකට ආයතනයක් වන්නේ 7-11 වෙළඳ සල්. එය බලෙන් ශ්‍රම සූරා කෑමක් ලෙසත් එවන් හාම්පුතුන්ට වසර 7-9 සිර දඬුවමක් ලබා දිය හැකි නිසා එම තත්වයන්ට මුහුණ පාන අය එය වාර්තා කල යුතුයි. United Voice ආයතනය විසින් සිදු කල සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ ජාත්‍යන්තර සිසුන් 200ක ගෙන් 60% ක් ම රජයේ අවම වැටුපටත් වඩා අඩු වැටුපක් ලබා සමහර සිසුන් පැයකට ඩොලර් 10ට වඩා අඩු වැටුපක් ලබන බවත්.

fair work
Source: Fair Work Commission

Fair work ombudsman විසින් රැකියා ස්ථාන Fair work පනතට අනුව කටයුතු කරනවාද යන්න සොයා බැලිය යුතුයි.

Fair work ආයතනය පවසන්නේ ජාත්‍යන්තර සිසුන්ට ඕස්ට්‍රේලියාවේ අනෙක් සේවකයන්ට මෙන් සම අයිතීන්ද, අවම වැටුප වන පැයකට ඩොලර් 17.29ක් ලැබීමටද අයිතිය ඇති බවයි.Fair work ආයතනය විසින් සිසුන්ට සහය අවශ්‍ය විට උපදෙස් දීමත්, විමර්ශන සිදුකිරීමත් කරනවා .අසාධාරනකම් වාර්තා කිරීම තුලින් සිසුන්ට හානියක් නොවීමට ඔවුන් වග බලා ගන්න අතර සිසුන් වීසා කොන්දේසි උල්ලංගනය කර ඇත්නම් Fair work ආයතනය දෙපාර්තමේන්තුව සමග කටයුතු කරමින් සිසුන්ට දඬුවම් ලබා නොදීමට කටයුතු කරනු ඇති. 

Australian council for International Students පවසන්නේ බොහෝ සිසුන් මෙවන් අපයෝජන තම විශ්ව විද්‍යාලය විසින් දෙපාර්තමේන්තුවට දන්වා වීසා වලට බාධාවක් වේ යයි බියෙන් හෙළි නොකරන බවයි. රජය විසින් රැකියා ස්ථාන මේ නීති පිලිබඳ දැනුවත් කල යුතු බවත් එම ආයතනය පවසනවා.එසේම Fair work ombudsman වෙබ් අඩවියෙන්ද භාෂා 26 කින් සිසුන්ට තම අයිතීන් පිලිබඳ තොරතුරු ලබා ගත හැකියි.

එසේම සිසුන් තමා වැඩ කරන ස්ථානය , පැය ගනන හා වැටුප් පත්‍රිකා ඉල්ලෙමද කල යුතු බවට සඳහන්.

පහත වෙබ් අඩවියෙන් එම තොරතුරු ලබා ගත හැකියි

https://www.fairwork.gov.au/


3 min read

Published

Updated

By Charitha Adikari




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now