ඕස්ට්‍රේලියාවේ ඉන්ෆ්ලුඑන්සාව සඳහා ලබා දෙන එන්නත ලබා දෙන වැඩසටහන අප්‍රේල් මස සිට ආරම්භ වෙනවා.
ඒ පිලිබඳ ඔබ දැන ගත යුතු කරුණු 5ක්
1.සැම වසරකම ඔස්ට්‍රේලියානුවන් 13500ක් පමණ ඉන්ෆ්ලුඑන්සාව නිසා රෝහල් ගත වන අතරම 3000ක් මරණ ද වාර්තා වෙනවා

2.මෙම එන්නත ගර්භනී කාන්තාවන් ඇතුළු සියලු දෙනාට ලබ ගැනීමේ වරදක් නැහැ . එය ඕස්ට්‍රේලියානු Therapeutic Goods Administration (TGA) මගින් ප්‍රමිතිකරණයට ලක් වෙනවා

3.සැම වසරකම මෙම එන්නත විවිද නව ඉන්ෆ්ලුඑන්සා වරග වලට ගැලපෙන ලෙස වෙනස් කරනවා

4.පහත පුද්ගලයන්ට මෙම එන්නත නොමිලේ ලබා ගත හැකියි
වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයන්
වයස මාස 6 සහ අවු 5ත් අතර සහ අවු 15ට වැඩි අබෝරිගිනල් හා ටෝරස් දූපත් වාසීන්
ගර්භාණී කාන්තාවන්
දරුණු රෝග වලින් පෙලෙන්නන් (www.immunise.health.gov.au/internet/immunise/publishing.nsf/Content/medically-at-risk-groups)

5.2016 ඉන්ෆ්ලුඑන්සාව සඳහා ලබා දෙන එන්නත අප්‍රේල් සිට පවුලේ වෙඉද්යවරු සහ ප්‍රතිශක්තිකරණ ලබා දෙන සේවාවන් ගෙන් ලබා ගත හැකියි

Immunise Australia Program යන වෙබ් අඩවියෙන් ඔබට වැඩි විස්තර ලබා ගත හැකියි
Share

