SBS සිංහල සේවයෙන් ඕස්ට්‍රේලියාවේ ස්ථාපිත වීමේදී ඔබට අවශ්‍ය තොරතුරු සපයන අත්වැල: මෙවරමේ එළබෙන ශීත කාලයේ Flu එන්නත ලබා ගැනීම

Flu Jab

the journal PLoS Medicine. See PA story HEALTH Flu. Photo credit should read: David Cheskin/PA Wire Source: AAP

ඕස්ට්‍රේලියාවේ ශීත කාලය ආරම්භ වීමත් සමගම ඉන්ෆ්ලුවෙන්සාව සඳහා ලබා දෙන එන්නත් වැඩ සටහන ආරම්භවෙනවා

බොහෝ දෙනෙක් එම එන්නත් ලබා ගන්න අතර Australian Influenza Surveillance නම් වාර්තාව පවසන පරිදි පසු ගිය වසරේදීඑන්නත් ලබා ගත පුද්ගලයින් ගණන 4%න් වැඩි වී තිබෙනවා. මෙම එන්නත මාස 6ට වැඩි සියලු දෙනාටම නිර්දේශිතයි . ඒ පිලිබඳඔබ දැන ගත යුතු කරුණු කීපයක් ගැනයි මේ තොරතුරු අපි ගෙන එන්නේ.

ඕස්ට්‍රේලියාවේ ජාතික වශයෙන් 2016 ඉන්ෆ්ලුවෙන්සාව සඳහා ලබා දෙන එන්නත් වැඩ සටහන අප්‍රේල් මාසයේදී ආරම්භ වෙනවා.

වසර 2015 දී ඉන්ෆ්ලුවෙන්සාව 11,000කගේ පමණ වාර්තා වූ අතරම වයස අවුරුදු 5-9 අතර දරුවන් සහ වයස 85ට වැඩි පුද්ගලයන්අතර මෙය වැඩිපුර වාර්තා වුනා.

emergency
Source: Dean Lewis

ඔස්ට්‍රේලියාව තුල ලබා දෙන Flu එන්නත අන්තරායක ඔඋෂධ අදිකාරිය (Therapautic Goods Administration –TGA) විසින් අනුමත කලයුතුයි. එහිදී විවිද ප්‍රමිති පරීක්ෂා සිදු කෙරෙනවා. සෑම වසරකම මෙම එන්නත අලුත් වීමක්ද සිදු වෙනවා.

එයට හේතු දෙකක් තිබෙනවා. වෛරසය නිතරම වෙනස් වන නිසා එන්නතත් එයට සරිලන ලෙස වෙනස් විය යුතුයි. දෙවැනි කරුණ තමයි මෙම එන්නතින් ලැබෙන ආරක්ෂාව කෙමෙන් හීන වීම. මාස 6 සිට අවුරුදු 9 දක්වා ළමුන්ගේ ප්‍රථම එන්නත ලෙස සති හතරක පරතරයක් ඇතිව මාත්‍රා දෙකක් ගත යුතුයි. එසේම දරුණු රෝගී තත්වයක් ඇති අයටත් ඒ ලෙසටම මාත්‍රා ලබා ගත යුතුයි.

flu
Source: AAP

මේ වසරේ සිට එන්නත් දෙවර්ගයක් තිබෙනවා. ත්රිසංයුජ සහ සිව්සංයුජ හෙවත් trivalent/  ලෙස නම් කරන්න පුළුවන්. ඒවායේ වෙනස වන්නේ එක් වර්ගයක් වෛරස තුනකටත්, අනෙක් එන්නත වර්ග හතරකටත් එරෙහි වීම. වැඩි ආරක්ෂාවක් ඇත්තේ quadravalent වර්ගයේය. එය නොමැති නම් අනෙක් වර්ගය ලබා ගත හැකියි.

 

 සරත් කාලයේදී (Autumn) එන්නත් ලබා ගත් පසු flu season එක පැමිණෙන විට එය ක්‍රියාත්මක වීමට කාලය තිබෙනවා. Flu season එක ආරම්භ වුවත් එන්නත ලබා ගැනීමේ වරදක් නැහැ. බොහෝ විට ඔස්ට්‍රේලියාවට වැකසිනය ලැබෙන කාලය අනුව මාර්තු - අප්‍රේල් යන මාස වලදී එන්නත් වැඩසටහන ආරම්භ වන බවයි. 

 

 Influenza එන්නත චිකිත්සක සායන සහ පවුලේ වෛදයවරුන්ගෙන් ලබා ගත හැකියි. සමහරුන්ට මෙම එන්නතින් පසුව  වැනි රෝග ලක්ෂණ මතු විය හැකි නමුත් ඔවුන්ට ඒ නිසා influenzaව වැළදෙන්නේ නැහැ. එයට හේතුව එම එන්නතෙහි ඇති වෛරසය මරණ ලද එකක් වීම නිසා. සමහර පුද්ගලයන්ට මද උන ගතියක් හෝ වෙහෙසක් දැනෙන්නේ ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය එන්නතම ප්‍රතිකියා දක්වන නිසා බවයි  පවසන්නේ.

flu
Source: AAP

එසේම Influenzaවට ගොදුරු වීම නිසා වැඩි සංකූලතා ඇති පුද්ගලයින්ට මෙම එන්නත් නොමිලේම ලබාගත හැකියි. ප්‍රතිශක්තිකරණ පර්යේෂණ පිලිබඳ මධ්‍යස්ථානයේ පවසන්නේ ඒ වයස අවුරුදු 65ට වැඩි වැඩිහිටියන්ට, ගර්භණී කාන්තාවන්ට, විවිධ වයස් වල ආදිවාසී ජනයාටත්, හර්ද රෝග, දියවැඩියාව හෝ පෙනහළු රෝග ආදී අඩු ප්ප්‍රතිශක්තියක් ඇති රෝග වලින් පෙලෙන පුද්ගලයන් වන බවයි.

 

 මද්යම රජයේ ප්‍රතිශක්තිකරණ වැඩසටහන මඟින් ගර්භණී කාන්තාවන්ට ඕනෑම අවස්ථාවක  එන්නත ලබා ගැනීමට හැකි බවත් පවසනවා. එසේම  ගර්භණී සමයේදී එම එන්නත් 85%ක් තරම් වන ලෙස ක්‍රියාකාරී වෙනවා.

 

වැඩි දෙනෙක් එන්නත ගත විට ප්‍රජාව තුළ influence වැළදෙන ප්‍රතිශතය අඩු වුවත් එයට වෙනත් බොහෝ හේතුන් බලපාන බවත් හෙළිව තිබෙනවා. ඒ වයස, කාලය හා වෛරසය වැනි හේතුන්. 

jab
Source: AAP

නමුත් එක අයෙකු හෝ එන්නත ලබා ගතහොත් ප්‍රජාව තුළ රෝගය පැතිර යාම අඩුවන බවයි වෛද්‍ය මතය.

  Immunise Australia Program යන වෙබ් අඩවියෙන් ඔබට වැඩි විස්තර ලබා ගත හැකියි ...

 


3 min read

Published

Updated

By Charitha Adikari




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now