ඔස්ට්‍රේලියාව තුල මත්පැන් පානය කර රථ ධාවනය කිරීම අනුමත නොකෙරේ
රුධිර ඇල්කොහොල් සාන්ද්‍රණය 0.05ක් ලෙස නීතිමය වශයෙන් සීමාවක් ඇති අතර ඉගෙනුම් (L ) හා තාවකාලික (P ) බල පත්‍ර ලාබීන්ට එය 0.00 වේ

https://drinkwise.org.au/drinking-and-you/is-there-such-a-thing-as-safe-drink-driving/#
ඔබට ජංගම දුරකතනයට් සවන් දී හෝ කතා කරමින් රිය පදවිය නොහැක. ඔබේ දුරකතනයේ loud speaker භාවුතයද කල නොහැකියි.
පාසල් ආශ්‍රිතව එසේ දුරකථන භාවිතය නිසා ඩොලර් 397ක දඩයක් හා demerit ලකුණු 4ක් අහිමි වේ. (රියදුරු බලපත්‍රයේ ඇති ලකුණු වලින්)

http://roadsafety.transport.nsw.gov.au/stayingsafe/mobilephones/know-the-rules.html
ඔබට වාහනය නැවැත්විය හැකිව තිබු පරාසයක කහ එලිය තුලින් රිය පැදවීම නීති විරෝධීයි
NSW හා Victoria හි එය රතු එළියේ ධාවන හා සමාන ලෙස සැලකේ . NSW හි ඩොලර් 397ක හා Victoria හි ඩොලර් 282ක දඩයක් හිමිවේ

STOP සලකුනකදී වාහනය සම්පුර්ණයෙන්ම නැවැත්විය යුතුයි
වාහනය සම්පුර්ණයෙන්ම නැවැත්විය යුතු අතර රෝද සම්පුර්ණයෙන්ම කැරකීම නතර කල යුතුයි.Victoria හි මෙය කඩ කළහොත් ඩොලර් 282ක් හා NSW හි ඩොලර් 298ක දඩයක් හා demerit (රියදුරු බලපත්‍රයේ ඇති ලකුණු වලින් ) ලකුණු 3ක් අහිමි වේ

https://www.vicroads.vic.gov.au/safety-and-road-rules/road-rules
නිකරුනේ නලාව ශබ්ධ කිරීම හෝ අත වැනීම තහනම්
NSW එම වරදට ඩොලර් 600ක් හා demerit (රියදුරු බලපත්‍රයේ ඇති ලකුණු වලින් ) ලකුණු 3ක් ද victoria හි ඩොලර් 282ක දඩයක්ද හිමිවේ

සුරතල් සතෙකු ඔබේ උකුලේ තබා ගෙන රිය පැදවීම තහනම්
NSW හි ඩොලර් 397ක් හා demerit ලකුණු 3ක් ද victoria හි ඩොලර් 211ක දඩයක්ද හිමිවේ

පාවහන් නොමැතිව රිය පදවිය හැකියි
සෙරෙප්පු හෝ උස අඩි පාවහන් වලට වඩා පාවහන් නොමැතිව රිය පැදවීම සුදුසු බව පැවසේ

පහත ප්‍රශ්න වලින් ඔබේ දැනුම පිරික්සා බලන්න

