ඔබේ දෙමාපියන් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගන්නේ කෙසේද? SBS සිංහල Settlement Guide වෙතින්

ඕස්ට්‍රේලියාවේ ස්ථාපිත වූ සංක්‍රමණිකයන් බොහෝ විට ඔස්ට්‍රේලියාවට සිය දෙමාපියන් ගෙන්වා ගන්නවා. ඒ සඳහා විවිද වීසා කාණ්ඩ තිබෙනවා.

parents

Source: Flickr

ඕස්ට්‍රේලියාවේ ස්ථාපිත වූ සංක්‍රමණිකයන් බොහෝ විට ඔස්ට්‍රේලියාවට සිය දෙමාපියන් ගෙන්වා ගන්නවා. ඒ සඳහා  විවිද වීසා කාණ්ඩ තිබෙනවා. මේ ඒ පිළිබඳව ඔබට වැදගත් වන කරුණු

Non-contributory වීසා

මෙය තමයි මුදලින් අඩුම ක්‍රමය . එය ප්‍රදාන අයදුම්කරුට ඩොලර් 6000ක් සහ ඔහුගේ හෝ ඇයගේ සහකරුට ඩොලර් 2000ක් වෙනවා . නමුත් මෙම වීසා ලබා දීම වසරකට ඉතා සීමිත පිරිසකට වන නිසා එයට වසර 30ක් පමණ බලා සිටීමට වේ

මේ සදහා සුදුසුකම් ලැබීමට දෙමාපියන් වෙඉද්‍ය පරීක්ෂණයක්, චරිත සහතික හා දරුවන්ගෙන් අඩක් වත් ඕස්ට්‍රේලියාවේ පදිංචි වී සිටිය යුතුයි.

 මෙම වීසා කාණ්ඩ 103 , 804 වේ

Read more here

joint family
Source: sagenext

Contributory වීසා

මෙම වීසා වසර 2ක් ඇතුලත ලැබේ .නමුත් එයට ඩොලර් 50000ක පමණ  ගාස්තුවක් ගෙවිය යුතුයි

මේ සදහා සුදුසුකම් ලැබීමට දෙමාපියන් වෙඉද්‍ය පරීක්ෂණයක්, චරිත සහතික හා දරුවන්ගෙන් අඩක් වත් ඕස්ට්‍රේලියාවේ පදිංචි වී සිටිය යුතුයි. එසේම අනුග්‍රහ දක්වන දරුවා නීතිමය වශයෙන් දෙමාපියන් සඳහා වියදම් දරන බවට එකඟ විය යුතුයි

මෙම වීසා කාණ්ඩ  143173864 , 884 වේ

Read more here. 

Trazer os pais, e avós, para a Austrália é o sonho de milhares de famílias. Cuidar e ser cuidado pelos nossos idosos faz toda a diferença.
Trazer os pais, e avós, para a Austrália é o sonho de milhares de famílias. Source: AAP

රැකියා කරන දෙමාපියන් සඳහා වීසා

දෙමාපියන් තවමත් රැකියා කරයි නම් ඔවුන් 174 හා 884 නම් තාවකාලික වීසා ලබා ගත  හැකියි Tඒ සදහා ඩොලර් 20000-32000ක අතර මුදලක් ගෙවිය යුතු අතර වසර 2ක්  රැකියා කිරීමටත් Medicare ප්‍රතිලාභ ලබා ගනීම්ටත් අවස්තාව හිමිවේ. ඉන් පසු ඔවුන්ට ස්ථිර පදිංචියට 143 permanent visa එකට තවත් ඩොලර් 20000ක් ගෙවා අයදුම් කල හැකියි

සංචාරක වීසා

තම දරුවන්ගෙන් 50%ක් ඕස්ට්‍රේලියාවේ නොමැති දෙමාපියන්ට වීසා කාණ්ඩ 600 Visitor visa subclass 600 යටතේ පැමිණිය හැකියි .ඩොලර් 1000ක පමණ මිලකට වසරක් ඕස්ට්‍රේලියාවේ ගත කර මාස 6ක් පමණ ගත කර නැවත අයදුම් කල යුතූයි  Visitor visa subclass 600.

Grandparent
Source: AAP

නව තාවකාලික වීසා එකක් බලාපොරොත්තු විය හැකියි

ළඟදීම බලපවත්වීමට යෝජනා වී ඇති new temporary parent visa වීසා යටතේ ඩොලර් 20000කට වසර 10කට තාවකාලික දෙමාපිය වීසා එකක් ලබා ගැනීමට ඔබට හැකි වේවි. මෙහිදී දරුවන් විසින් දෙමාපිය සෞඛ්‍ය සේවා හා අනෙකුත් වියදම් දැරිය යුතු වේ. මෙමගින් ඔවුන්ට ස්ථිර පදිංචිය ලබා ගත නොහැකියි. වසර 10 අවසාන ඔවුන් රටින් පිට විය යුතුයි. මෙය පාර්ලිමේන්තුවේ සම්මත වුව හොත් මේ වසර අග සිට ක්‍රියාත්මක වේවි.

වැඩි විස්තර සඳහා පහත වෙබ් අඩවියට පිවිසෙන්න

 Department of Immigration and Border Protection’s website.


Share

2 min read

Published

Updated

By Audrey Bourget




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now