ඕස්ට්‍රේලියාවේ රජයේ පොදු නිවාස ලබා දෙන්නේ නිවසක් අහිමි, පෞද්ගලික ලෙස කුලී ගෙවීමට තරම් වත්කමක් නොමැති පුද්ගලයන්ට.
ඔබට ඒ සදහා සුදුසුකම් තිබේද ?

ඒ සදහා ඔබේ ප්‍රාන්තයේ නිවාස අධිකාරියේ වෙබ් පිටුවෙන් තොරතුරු ලබා ගන්න. උදාහරණයක් ලෙස NSW හි ඕස්ට්‍රේලියානු පුරවැසියකු හෝ ස්ථිර පදින්චිකරුඉවකු විය යුතු අතර දෙපාර්තමේන්තුවේ අඩු ආදායම් සීමාවේ ආදායමක් ලැබිය යුතු අතර වයස 18ට වැඩි විය යුතුයි.
මානුෂීය වීසා යටතේ පැමිණුනා ජනයාට මෙහිදී වැඩි වරප්‍රසාද නොලැබේ . ඔවුන්ද අනෙක් ඉල්ලුම් කරන ජනතාව සේම ඒ සඳහා සිටිය යුතුයි
http://www.housing.nsw.gov.au/living-in-public-housing
මානුෂීය වීසා යටතේ පැමිණුන ජනයාට මෙහිදී වැඩි වරප්‍රසාද නොලැබේ . ඔවුන්ද අනෙක් ඉල්ලුම් කරන ජනතාව සේම ඒ සඳහා සිටිය යුතුයි

කුමන ප්‍රදේශය ඔබට ලැබේද?
ඔබ කැමති ප්‍රදේශ ඔබට සඳහන් කල හැකියි, නමුත් එය උප නගර ලෙස ඔබට ඉල්ලීමට බැහැ. ඔබේ කැමැත්ත ඔබ ලයිස්තුවේ සිටින විටදී වෙනස් කල හැකියි . ඔබට රෝද පුටුවක් භාවිතයට සරිලන නිවසක් අවශ්‍ය නම් ඒ පිලිබඳ ඉල්ලුම් කිරීමට වෙනම පෝරම තිබේ .
application for special accommodation requirements (pdf here).

කොපමණ කාලයක් බලා සිටීමට සිදු වේද ?
ප්‍රාන්තය අනුව මාස ගානක් හෝ වසර ගණනක් වුවද බලා සිටීමට සිදු විය හැකියි. එය ඔබේ තත්වය, ඔබ ඉල්ලා ඇති ප්‍රදේශය , ලබා දිය හැකි නිවාස ගණන ,ඉල්ලුම් කරුවන් ගණන හා ඔබේ අවශ්‍යතා මත වෙනස් වේ. වික්ටෝරියා හි අඩු ඉල්ලුම් ඇති මෙවන් නිවාස ප්‍රාදේශීය පෙදෙස් වල තිබේ

කුලී ගාස්තු
ඔබ කුලී ගෙවිය යුතු වුවත් එය ඔබේ දීමනා හා ආදායම් වලින් 25%ට වඩා වැඩි නොවේ.
http://www.housing.vic.gov.au/social-housing-income-and-asset-limits
මේ සඳහා ඉල්ලුම් කිරීමට ඔබේ ප්‍රාන්තයේ නිවාස අධිකාරියේ වෙබ් අඩවි වලට පිවිසෙන්න
http://www.housing.vic.gov.au/apply-social-housing
විවිද ප්‍රාන්ත වල නිවාස අධිකාරියේ වෙබ් අඩවි වෙත පහත ලින්ක් එක තුලින් පිවිසෙන්න

