පෙර සුදානම
- ඔබේ ලන්සුව ඉදිරිපත් කිරීමට පෙර වෙන්දේසි කිහිපයකට සහබාගී වී අවබෝධයක් ලබා ගන්න
- ඔබ ලන්සුව ඉදිරිපත් කරන නිවෙස පරීක්ෂා කිරීමට ගොස් එම ප්‍රදේශය කරුණු සොයා බලන්න
- නිවාස ගොඩනැගිලි පරීක්ෂාව හා පලිබෝධ පරික්ෂාව නියමිත සේවා දායකයන් ලවා සිදු කරන්න . එසේම නීතීග්‍යකු ලවා එම නිවසේ ඔප්පු නිරවුල් දැයි සොයා බලන්න ඔබට නය ලබා ගත හැකි මිල තීරණය කර ලන්සුව ගණනය කරන්න
වෙන්දේසි දිනයේදී කල යුතු දේ
- විනාඩි 30ක් පමණ කලින් ගොස් අවශ්‍ය ලියකියවිලි නිලධාරීන්ගෙන් ඉල්ලා කියවා දැනුවත් වන්න .
- බොහෝ ප්‍රාන්ත වල ඔබ වෙන්දේසිය සඳහා ලියාපදිංචි විය යුතු අතර ඔබේ හැඳුනුම් පතක් ද පෙන්විය යුතු වේ
- ඔබ වෙනුවට වෙනත් අයෙකුටද වෙන්දේසිය සදහා සහභාගී විය හැක
වෙන්දේසිය අතරතුර
- අදාළ නීති පිළිබඳව දැනුම් දේ
- ආරම්භක ලන්සුව සඳහා ඉල්ලුම් කරන අතර වැඩිවීම් ඩොලර් 5000ක් නම් ඔබට ඊට වඩා අඩු ලන්සු ඉදිරිපත් කල හැකි වුවත් වෙන්දෙසිකරුට එවිට එය ප්‍රතික්ෂේප කල හැකියි
- ව්‍යාජ ලන්සු ඉදිරිපත් කිරීම නීත්‍යානුකුල නොවේ
- නිවස විකිණීමට අවශ්‍ය මුදලට පැමිණීමෙන් පසු වැඩිම ලන්සුව තැබූ පුද්ගලයාට නිවාස හිමි වේ

වෙන්දේසියෙන් පසු
- ඔබේ ලන්සුව ජයග්‍රහණය කලේ නම් ඔබ සැනෙකින් කොන්ත්‍රාත්තුව අත්සන් කොට තැන්පතුවක් (මිලෙන් 10%ක් ) ගෙවිය යුතු වේ . ඉන් පසුව කොන්ත්‍රාත්තුව ප්‍රතික්ෂේප කිරීමේ කාල සීමාවක් නොලැබේ. ඉතිරි මුදල පසු දිනයක (මාස 1-3 අතර ) ගෙවිය යුතු වේ .
- අපේක්ෂිත මිල ලන්සු වලින් නොලැබේ නම් වැඩිම ලන්සුව තැබූ ගැනුම්කරුට නිවෙස් හිමියා සමග මිල පිලිබ්න්දව සාකච්චා කිරීමේ වැඩිම අවස්තාව හිමිවේ .

පහත වෙබ් අඩවි වලින් වැඩි තොරතුරු දැන ගන්න
Auctions slow as house prices keep gaining
Real estate auctions in Victoria
Real estate auctions in Queensland
Real estate auctions in South Australia
Real estate auctions in New South Wales
Real estate auctions in Northern Territory
Share

