Family tax benefit යනු කුමක්ද ?
දරුවන් සිටින පවුල් සඳහා මෙය ලබා දෙන සහනයකි. එය බදු පද්ධතියේම කොටසක් වුවත් බොහෝ පවුල් එය සති 2ට වරක් මානව සේවා දෙපාර්තමේන්තුව (Centrelink ) ඔස්සේ ලබා ගනී
family tax benefit A කොටස හා B කොටස
A කොටස සඳහා සුදුසුකම් ලැබීමට ඔබේ බදු වලට අයත් වන ආදායම, දරුවන් ගණන හා ඔවුන්ගේ වයස අනුව තීරනය වේ.
B කොටස අඩු ආදායම් පවුල් වලට වන අතර , දෙකොටසම ලැබෙන පවුල් ද තිබේ

සුදුසුකම් ලැබීම
ඔබ ඕස්ට්‍රේලියානු පුරවැසියෙක්, ස්ථිර පදිංචිකරුවෙක්, විශේෂ වීසා, සහකරු වීසා හෝ Temporary Protection visa ලබා සිටිය යුතුයි . ඔබේ දරුවා වයස 20ට අඩුව වෙනත් ආදාර නොමැතිව හෝ ඔබේ කාලයෙන් 35%ක් දරුවා වෙනුවෙන් යෙදවීමට සිදුවේ නම් මෙම දීමනා ආදායම අනුව ලබා ගත හැකි වේ.
අයදුම් කරන්නේ කෙසේද?
මානව සේවා දෙපාර්තමේන්තු වෙබ් අඩවිය තුලින් ඔබට අයදුම් කල හැකියි. එසේම ඔබ දරු උපත බලාපොරොත්තුවෙන් සිටියදීම අයදුම ආරම්භ කල හැකි අතර දරු උපතෙන් පසුව රෝහලේ සේවකයන් විසින් ඒ සඳහා අවශ්‍ය සහයද ලබා ගත හැකියි

නිවැරදි තොරතුරු ලබා දෙන්න
වසරකදී බලා පොරොත්තු වන ඔබේ ආදායම අනුව මෙම දීමනා තීරණය වේ . මුල්‍ය වසර අවසානයේ ඔබට බදු ප්‍රතිලාබයක් ඉල්ලුම් කිරීමට අවශ්‍යද නැත්ද යන කරුණ දෙපාර්තමේන්තුව වෙත දැන්වීමෙන් අවශ්‍ය නය හෝ අමතර දීමනා තීරණය වේ
බහු භාෂා වලින් තොරතුරු ලබා ගත හැකියි
දෙපාර්තමේන්තු ශාඛා පිහිටා ඇති ප්‍රදේශ වල සිටින ප්‍රජාවන් නියෝජනය කරන සේවකයන් සිටින නිසා එම භාෂා වලින් තොරතුරු ලබා ගැනීමේ අවස්තාව හිමි වේ
2017 ජුලි පළමුවැනිදා සිට සිදුවී ඇති වෙනස්කම්
සති දෙකේ දීමනා වලට අමතරව single income family supplement දීමනා වසර අවසානයේ ලැබෙන පුද්ගලයන්ට දිගටම එම දීමනා ලැබුනත් නව පවුල් වලට එම දීමනාව ජුලි 1 සිට ලබා නොදේ. නමුත් ඔබ දරුවා සමග සති 6ට වඩා කලක් ඕස්ට්‍රේලියාවෙන් පිටතට ගිය විට හෝ ඔබේ ආදායම වැඩි වුව හොත් ඔබේ දීමනාව නවතිනු ඇති

භාෂා පරිවර්තන සේවා
මානව සේවා දෙපාර්තමේන්තුව විසින් විවිද (200ක් පමණ) භාෂා වලින් තොරතුරු ලබා දේ
131 202 අංකය සදුදා-සිකුරාදා තෙක් උදේ 8 සිට සවස 5 තෙක් ඇමතීමෙන් ඔබේ භාෂාවෙන් තොරතුරු ලබා ගත හැකියි
පහත වෙබ් අඩවි තුලින් වැඩි විස්තර ලබා ගන්න
translated in several languages here.
Source: Department of Human Services

