ඔස්ට්‍රේලියාවට පැමිණි සංක්‍රමණිකයින් හට සහ සරණාගතයින් හට මෙරට සමාජයත් සමග මුහු වීමට හා රැකියාවක් සොයාගැනීමට ආදී දේ සඳහා ඉංග්‍රීසි භාෂාව අත්‍යවශ්‍ය වේ.
එනිසාම ඔවුන් හට නොමිලයේ ඉංග්‍රීසි පන්ති පැවැත්වීමට ඔස්ට්‍රේලියානු රජය පියවර ගෙන තිබේ.
The Australian Migrant English Program (AMEP)

AMEP යනු කුමක්ද?
ඔස්ට්‍රේලියාවට අලුතින්ම සංක්‍රමණය වූ සංක්‍රමණිකයින් හට මෙම වැඩසටහන හඳුන්වා දී ඇත.
මෙමගින් ඔවුන් හට ඉංග්‍රීසි භාෂාවේ මූලික කරුණු උගත හැකි අතර මෙන්ම මෙහි ස්ථාපිත වීමට අවශ්‍ය දැනුමද ලබා දේ.
මේ සඳහා සුදුසුකම් ලැබූ උදවියට පැය 510 ක් දක්වා නොමිලයේ ඉංග්‍රීසි පන්ති සඳහා සහභාගී විය හැකිය.
සුදුසුකම් මොනවාද?
ඔබ ඔස්ට්‍රේලියානු ස්ථිර පදිංචිකරුවෙකු විය යුතුය. නැතහොත් Partner visa හෝ Temporary Protection visa යනාදී සුදුසුකම් ලද තාවකාලික වීසා හිමි අයෙකු විය යුතුය.
ඔබ ඔස්ට්‍රේලියාවට පැමිණ මාස 6 ක් ඇතුළත AMEP සැපයුම්කරුවෙකු සමග ඔබ ලියාපදිංචි විය යුතුය.
වයස අවුරුදු 18 ට අඩු ළමුන් සහ තරුණයින් සඳහා මාස 12 ක් දක්වා එම කාලය දීර්ඝ වේ.
ඉන් අනතුරුව ඔබේ පාඨ මාලාව මාස 12 ක් ඇතුළත ඔබ ආරම්භ කළ යුතු අතර වසර 5 ක් ඇතුළත අවසන් කළ යුතු වේ.
ලියාපදිංචි වන්නේ කෙසේද?
ඔස්ට්‍රේලියාව තුළAMEP සැපයුම්කරුවන් 300 ක් පමණ සිටිති.
මෙම ලැයිස්තුවෙන් ඔබට සමීපතම AMEP මධ්‍යස්ථානය සොයා ගත හැකිය.
භාෂා ප්‍රශ්නයට සහය වීම.
බොහෝ AMEP සැපයුම්කරුවන් යටතේ භාෂා ද්විත්වයක් කතා කිරීමට හැකි සේවකයින් සිටින අතර ඔබට ඔවුන්ගේ සහය ලබාගත හැකිය.
ඊට අමතරව ඔබේ පන්ති කාමරයේදී පවා භාෂා ද්විත්වයක් කතා කළ හැකි ස්වේච්ඡා පුද්ගලයින් සිටියි.
ඒ සඳහා වැඩි විස්තර මෙතනින්.
Skills for Education and Employment (SEE)

SEE යනු කුමක්ද?
ඔබ ඔස්ට්‍රේලියාවට පැමිණ මාස 6 කට වඩා වැඩිනම්, ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මූලික පාඨ මාලාවක් හදාරා ඇත්නම් නමුත් ඔබට රැකියාවක් සඳහා ඔබගේ ඉංග්‍රීසි භාෂාව දියුණු කරගැනීමට අවශ්‍ය නම් SEE වැඩසටහන ඔබ සඳහා වේ.
රැකියාවක් සොයා ගැනීම ඉලක්ක කරගනිමින් භාෂා සහ ගණිතමය පුහුණව සඳහා පැය 800 ක නොමිලයේ පුහුණුවක් මේ සඳහා සුදුසුකම් ලැබුවන් හට හිමි වේ.
සුදුස්සන් කවුරුන්ද?
ඔබ,
- වයස අවුරුදු 15 ත් 64 ත් අතර විය යුතුය.
- මානව සේවා දෙපාර්තමේන්තුවේ රැකියා සොයන්නෙකු ලෙස ලියාපදිංචි විය යුතුය.
- පූර්ණ කාලීන ශිෂ්‍යයෙකු නොවිය යුතුය.
- වීසා කොන්දේසි සහ අනෙකුත් අවශ්‍යතා සැපිරිය යුතුය.
සියලු සුදුසුකම් සහිත ලැයිස්තුව මෙතනින් ලබා ගන්න.
ලියාපදිංචි වන්නේ කෙසේද?
මානව සේවා දෙපාර්තමේන්තුවේ Jobactive හෝ ParentsNext හරහා ඔබව නිර්දේශ කළ යුතුය.
132 850 අංකයෙන් මානව සේවා දෙපාර්තමේන්තුව අමතා ඔබට වැඩි විස්තර දැනගත හැකිය.
විශේෂ කරුණු
ඔබට දුරස්ථ අධ්‍යාපනය ලැබිය හැකි අතර දහවල් හෝ සන්ධ්‍යා කාලයේදී පන්ති වලට සහභාගී විය හැකිය.
ඔබට පූර්ණ කාලීනව හෝ අර්ධ කාලීනව ඉගෙනම ලැබිය හැකිය.
ඔබ AMEP වැඩසටහන සඳහා සහභාගී වනවානම් පාසල් වයසට වඩා අඩු ළමුන් සඳහා ඔබට නොමිලයේ ළමා සුරැකුම් පහසුකම්ද ලබා ගත හැකිය.

ප්‍රයෝජනවත් වෙබ් අඩවි කිහිපයක්
AMEP (information in 26 languages)
Reading Writing Hotline 1300 6 555 06
Adult Learners Week 1-8 September
AMES - migrant and refugee settlement services

