බොහෝ සංක්‍රමණික ජනයා භාෂා ගැටළු හෝ වෙනත් හේතු නිසා පොලිසිය සමග ගනුදෙනු කිරීමට මැලි බවක් දක්වනවා . නමුත් දැන් ඒ වෙනුවෙන් විවිද වැඩසටහන් ක්‍රියාත්මකයි.
ඔබ ළඟදී ඔස්ට්‍රේලියාවට පැමිණි අයෙක් නම්, පොලීසිය හමුවීමට යම් චකිතයක් ඇති විය හැකියි. නමුත් ඔබට භාෂා ගැටළු තුබුණත් ඒවා මග හැරීමට විවිද වැඩසටහන් ක්‍රියාත්මක වේ. මේ ඉන් කිහිපයක්
Have a ‘Coffee with a Cop’
මෙය ඇමෙරිකාවේ ආරම්භ වූ සංකල්පයක් . NSW හි Fairfield හි බහුසංස්කෘතික ප්‍රජාව සමග පොලීසිය කොපි කෝප්පයක් බෙදා ගැනීම තුලින් ප්‍රජාව දැනුවත් කිරීම මෙහිදී සිදුවේ
මෙම හමුවේදී සිදු වන්නේ කුමක්ද ?
ජනයා හා පොලීසිය අතර පරතරය අඩු කිරීම සේම, පොලිස් බලතල, නීති රීති , පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේ හේතු ආදිය පිළිබඳව දැනුවත් කිරීම සිදුවේ.
මීට මාස කිහිපයකට පෙර මෙල්බන් හි සුඩාන ප්‍රජාව වික්ටෝරියා පොලීසිය සමග පැසි පන්දු තරන්ගයකටත් සහභාගී වුවා
Play basketball!

රට පුරා ඇති වැඩසටහන්
African All Stars cup සහ Coffee with a Cop හැරුණු කොට තවත් බොහෝ මෙවන් වැඩසටහන් ක්‍රියාත්මකයි. Crime prevention programs for culturally and linguistically diverse communities in Australia හි සඳහන් වන ආකාරයට මේ එවන් වැඩසටහන් කිහිපයක්
- A Journey of Understanding (Vic)
- Burmese Refugee (Karin/Chin) Police Information Sessions (Qld)
- Community Engagement Events (Vic)
- Crime Stoppers for Everyone (Vic)
- For the Love of the Game (Qld)
- Migrant Information Centre (various programs) (Vic)
- Migrant Resource Centre of South Australia (various programs) (SA)
- MRC Jurisdictional Community Partnership (JCP) Project (Tas)
- Muslim Women and Youth Day (Qld)
- Short Story Big Screen (ACT)
- Taste of Harmony African Australian Women's Day Barbecue (SA)
ඔබේ ප්‍රදේශයේ පොලීසියේ බහු සංස්කෘතික නියෝජිතවරයා හමු වන්න
බොහෝ ප්‍රාන්ත වල බහු සංස්කෘතික ජනයා වෙනුවෙන් පොලීසිය සේවා සංවිධානය කොට තිබේ
NSW - Multicultural Community Liaison Officers
VIC - Multicultural Liaison Officer Program
TAS - Multicultural Policing
SA - Neighbourhood policing
WA - WA Police Aboriginal and Community Diversity Unit
NT - Indigenous liaison
ACT - Multicultural and Aboriginal and Torres Strait Islander Engagement plan
QLD - Police Cultural support unit
ඔබේ භාෂාවෙන් තොරතුරු ලබා ගන්න
ගෘහස්ත හිංසනය , මාර්ග නීති , ත්‍රස්තවාදය , අපරාධ ආදිය පිළිබඳව විවිද භාෂා වලින් තොරතුරු ලබා ගත හැකියි

