ඔබ ඔස්ට්‍රේලියාවට අලුතින් පැමිණි කෙනෙක්ද? විවිධ සංස්කෘතික පසුබිම් වලින් ඔස්ට්‍රේලියාවට පැමිණි සංක්‍රමණිකයින් Anzacදිනය සහ ඒ ආශ්‍රිත බැඳුනු සැමරීම් සඳහා බොහෝ විට සහභාගී නොවන බව හෙළිවී ඇත.
පළමු ලෝක යුද සමයේදී ඔස්ට්‍රේලියානු ස්වදේශික ජනතාව සහ යුරෝපීය නොවන පසුබිමක සිටි ස්වේච්ඡා පිරිස් කෙසේ හෝ යුද සේවා සඳහා සහභාගී වීම උදෙසා අත්සන් තැබීමට විරෝධය පෑහ.
ඔස්ට්‍රේලියානු ස්වදේශික Anzac වරුන්
යුරෝපීය පසුබිමක් නොමැති උදවිය යුද සේවය සඳහා යොදවා ගැනීම 1909 පොදු රාජ්‍ය මණ්ඩලීය ආරක්ෂක පණතේ හැඳින්වීමෙන් බැහැර කෙරුණි.
80,000 ක් පමණවූ ඇස්තමේන්තුගත ස්වදේශික ජනතාවගෙන් 1000 ක් පමණ ස්වදේශිකයින් පළමු ලෝක යුධ සමයේදී ඔස්ට්‍රේලියානු අධිරාජ්‍ය බලකායට සේවය දායක කළෝය.

Gundungurra මිනිසෙකු සහ ඇබෝර්ජීනියානු හා ටෝරස් දූපත් වාසීන්ගේ ප්‍රවීණ සහ සේවා සංගමයේ Gary Oakley පවසන පරිදි එමගින් බොහෝ ස්වදේශික ඔස්ට්‍රේලියනුවන් හට තම ප්‍රථම වැටුප ලබා ගත හැකි විය.
කෙසේවෙතත්, ස්වද්ශික ඔස්ට්‍රේලියානු සොල්දාදුවන් හට තමන්ගේ සමාජ තත්ත්වය ඉහළ නංවා ගැනීමට 1949 දක්වාම අපහසු විය.
චීන - ඔස්ට්‍රේලියානු Anzac වරුන්
ආසියානු සම්භවයක් ඇති ඔස්ට්‍රේලියනුවන් ද ඔස්ට්‍රේලියාව බ්‍රිතාන්‍ය කොලනියක් ලෙස තව දුරටත් ක්‍රියාත්මක වීමට ආදළ පණත ප්‍රතික්ෂේප කරන කළේය.
William Sing යනු ඔස්ට්‍රේලියාවේ ඉතිහාසගත සොල්දාදුවෙක් වන අතර ඔහුගේ පියා Shanghai සිට ඔස්ට්‍රේලියාවට පැමිණ තිබේ.
William Sing යනු Gallipoli සටනේ භෝ ප්‍රසිද්ධ sniper වෙඩික්කරුවෙකු වූ අතර ඔහුට අලංකාර ඉඩමක් තිබුණේය. නමුදු ඔහු දිළින්දෙකු ලෙස මිය ගියේය.

රුසියානු Anzac වරුන්
බ්‍රිතාන්‍ය, නවසීලන්ත සහ කැනඩාවේ උපත ලද පුද්ගලයින්ට පසුව ඔස්ට්‍රේලියානු අධිරාජ්‍ය බලකායට සේවා දායකත්වය සැපයු ඊළඟ විශාලතම පිරිස වන්නේ රුසියානු Anzac වරුන්ය.
රුසියානු අධිරාජ්‍යයේ දේශ සීමා අතරින් ඔවුන් පැමිණියේ නොයෙකුත් ජන කණ්ඩායම් වලිනි.
උදාහරණයක් ලෙස බොහෝ යුදෙව් සංක්‍රමණිකයින් රුසියාවෙන් පලා ආවේ ඔවුන් රුසියානු හමුදාවට සේවය කිරීමට ඇති අකැමැත්ත නිසාවෙන් බව ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ ආචාර්ය Elena Govor පැවසුවාය.

Anzac දිනය ඔබට ගත කළ හැක්කේ කෙසේද?
Anzac දින සම්ප්‍රදායන්
Anzac දිනය යනු 1915 වසරේ Gallipoli අර්ධද්වීපයට පා තැබීම සමරන උත්සවයකට එහා ගිය එකකි.
පළමු ලෝක යුද්ධය ඇතුළු සියලු යුද්ධ වලදී හා මෙහෙයුම් වලදී සේවය සැපයු සහ මිය ගිය සියලු ඔස්ට්‍රේලියනුවන් අනුස්මරණය කරන දිනයක් ලෙස එය හැඳින්වේ.

උදා සේවාව
Anzac දින සැමරුම් උත්සවය පැවැත්වෙන්නේ අලුයම් කාලයේ වන අතර Gallipoli අර්ධද්වීපයට පා තැබූ නියම වෙලාව පාදක කරගනිමින් එය පවත්වයි.

පෙළපාලි
උදා සේවාවෙන් අනතුරුව හමුදා සේවයේ හිටපු පිරිස් එක්ව ප්‍රධාන නගර වල සංවිධානය කරනු ලබන පෙළපාලි වල ගමන් කරයි.

Two-up ක්‍රීඩාව
ඔස්ට්‍රේලියාවේ සාම්ප්‍රදායික සූදු ක්‍රීඩාවක් වන Two-up ක්‍රීඩාව Anzac දිනයේදී ක්‍රීඩා කරයි.
කාසි දෙකක් එකවර උඩ දැමීමෙන් මෙම ක්‍රීඩාව සිදු කරනු ලබයි.

ඔස්ට්‍රේලියානු Anzac දින සම්ප්‍රදායන් පිළිබඳ වැඩි විස්තර ඔස්ට්‍රේලියානු යුද අනුස්මරණ වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.
Anzac දින පෙළපාලි පිළිබඳ සිඩ්නි නුවර විස්තර RSL NSW සහ වික්ටෝරියානු ප්‍රාන්තයේ විස්තර RSL Victoria යන වෙබ් අඩවි වලින් ලබා ගත හැකිය.

