ඕස්ට්‍රේලියානු සිසු වීසා වැඩසටහන යටතේ විවිධාකාර වීසා අනු කාණ්ඩ තිබෙන අතර මේ මඟින් පුළුල් පරාසයක සිසුන්ට සේවා සැපයෙනවා. මේ සෑම අනු කාණ්ඩයක් තුලින් පාසල් අධ්‍යාපනයේ (ප්‍රාථමික සහ ද්විතීයක) සිට උසස් අධ්‍යාපනය හෝ විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා යම් කොටසක් ආවරණය වෙනවා.
නීති විශාරදයෙක් සහ national Law firm Holding Redlichහි සංකරමණික ඒජන්තවරයෙකු වන Maria Jockel Reg. No: 9802742 පවසන්නේ ඕස්ට්‍රේලියානු සිසු වීසා සඳහා ඉල්ලුම් කරන පුද්ගලයෙකු, ඔහුට අදාළ වීසා අනු කාණ්ඩය යටතේ සලකා බලනු ලැබෙන බවයි. "අයදුම්කරුවන්ට වීසා ලබා දීමට සුදුසුද යන්න විවිධ කරුණු යටතේ සලකා බලනවා. ගමන් බලපත්‍රයේ වර්ගය සහ ඉල්ලුම් කරන්නේ කුමන අධ්‍යාපනයක් සඳහාද යන්න ඒ අතරින් දෙකක් පමණයි."
එම ගමන් බලපත්‍රය අනුව විවිද මට්ට්ටම් තුනකට වර්ග කිරීමක් කර තිබෙනවා 1 වැනි වර්ගයේ ගමන් බල පත්‍ර ඇති රටවල සිසුන්ගේ සංක්‍රමණික අවදානම ඉතාම අඩුයි , තුන් වැනි කාණ්ඩයේ නම් අවදානම් වැඩිම කාණ්ඩය නිසා වැඩිපුර ලියකියවිලි ලබා දීමට සිදුවේනවා. එම තුන් වැනි කාණ්ඩයේ රටවල් වන්නේ බංග්ලාදේශය , චීනය , බුරුමය , එක්වදෝර් ,එජිප්තුව, ඝානාව , ඉන්දියාව , ජෝර්දානය, කසක්ස්ථාන් හා කෙන්යාව.
එම ගමන් බල පත්‍ර අයත් වන කාණ්ඩ අනුව වීසා කාන්ඩයටත් බල පෑමක් වනවා . එය තීරණය වන්නේ එම රටවල පැමිණෙන සිසුන් ඕස්ට්‍රේලියාවේ අද්‍යාපනය ලැබීමේ අවදානම පිලිබඳ දෙපාර්තමේන්තුවේ තක්සේරු කිරීම තුලින්.නීතිග්‍ය මරියා පවසන්නේ ඒ නිසා සමහර රටවලින් එන සිසුන්ට online ක්‍රමයට වීස සඳහා ඉල්ලුම් කිරීමට නොහැකි වෙනවා.
ශිෂ්‍ය වීසා ලබා ගැනීමට පෙර විදෙස් සිසුන් ලියාපදිංචි ඕස්ට්‍රේලියානු අද්යාපන ආයතනයකින් ඇතුලත් වීමට අවසර ලබා ගත යුතුයි . එම අද්යාපන ආයතන පිලිබඳ තොරතුරු අන්තර්ජාලය ඔස්සේ ලබා ගත හැකියි , එම පාටමාලා සහ ආයතන CRICOS (Commonwealth register of Institutions & Courses for Overseas students) නම් ලැයිස්තුව තුල අන්තර්ජාලය ඔස්සේ සොයා ගත හැකියි
එසේම පාටමලා ගාස්තු ගෙවීමට පෙර එහි ඇති කොන්දේසි පිලිබදව අවදානය යොමු කල යුතුයි. විශේෂයෙන්ම අද්යාපන ආයතනයෙන් Confirmation of enrollment නම් සහතිකය නිකුත් කල විට එහි , පාටමාලාවේ කාලය , නම, සිසුන්ට අවශ්‍ය පෞද්ගලික සෞඛය රක්ෂණය පිළිබද තොරතුරු අඩංගු වෙනවා. විදෙස් සිසුන්ට පෞද්ගලික සෞඛය රක්ෂණයක් අත්‍යවශ්‍ය නිසා එය ගෙවීමේ ක්‍රමය , යම් හෙයකින් වීසා නොලැබුන හොත් එම මුදල නැවත ලබා ගත හැකිද යන්න දන ගත යුතුයි
"අදාල විශ්ව විද්‍යාලය, පාසල හෝ TAFE ආයතනය විසින් සහතික කළ ලිපියක් තිබීම ප්‍රමාණවත් නැහැ. භාෂා හැකියාව, පෙර අධ්‍යාපනය, අදායම සහ අනෙකුත් පසුබිම් කරුණු පෙන්වා, දෙපර්තම්නේතුවට ඔප්පු කර පේනවා සිටීමට වෙනවා තමන්ට වීසා අවැසි වන්නේ සැබවින්ම අධ්‍යාපන කටයුතු වලට බවත්, අධ්‍යාපන කටයුතු සම්පුර්ණ කරගැනීමට අවැසි වන හැකියාවන් තමන් සතු බවත්."
දෙපාර්තමේන්තුව අනුගමනය කරන ක්‍රියා පිළිවෙල අනුව, අයදුම්කරවෙකුගේ අඩුම ආදායම් තත්වය තීරණය වන බව නීතිග්‍ය මරියා පවසනවා.
එසේම දෙපාර්තමේන්තුව සිසුන්ගේ මුදල් හැකියාවද පිරික්සා බලනවා. උදාහරණයක් ලෙස වසරකට ජීවන වියදම සඳහා ඩොලර් 18610ක් ඔබට ඇති බව පෙන්වීමට වේවි. පිළිගත් ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලයක් වසරකට අධ්‍යයන ගාස්තු ඩොලර් 21000-31000 අතර මුදලක් ය කරනවා. ඔබට ඇත්තේ 3 වැනි කාණ්ඩයේ බල පත්‍රයක් නම් ඒ සියලු මුදල් ඔබට ඇති බව පෙන්වීමට සිදුවේවි.
"ගොඩක් දෙනෙක් තමන්ගේ සිසු වීසා අවලංගු වන දිනය අමතක කරනවා. විසා අවලංගු වන දිනයට පසු අධ්‍යාපන කටුයුතු සඳහා ඔස්ට්‍රේලියාව තුල රැඳී සිටියොත් එය නීතිය කඩ කිරීමක් ලෙස සැලකෙනවා. නීතිය කඩ කෙරෙන ඕනෑම අවස්ථාවකදී සංක්‍රමණික දෙපාර්තමේන්තුව විසින් අදාල සිසුවාගේ වීසා අවලංගු කරනවා."
සිසුන්ට වීසා ලබා දෙන්නේ ඉගෙනීමේ කටයුතු සඳහා නිසා ඔවුන් සැමවිටම ඉගෙනීම තමන්ගේ ප්‍රධාන අරමුණ කරගත යුතුයි. නමුත් සිසුවෙකුට වැඩ කිරීමට අවශ්‍ය නම් සහ වීසා නීති අවලංගු නොවන අයුරින් වැඩ කිරීම සිදු වෙනවා නම්, අන්තජාතික සිසුවෙකුට ඔස්ට්‍රලියානු පුරවැසියෙකු හෝ ස්ථිර පදිංචි කරුවෙකු හා සමාන ලෙස වැඩ කිරීමේ අයිතියත්, ඊට අදාළ නීතිත් බලපවත්වනවා.විදේශීය සිසුන්ට ඕස්ට්‍රේලියාවේ ඉගෙනීම ආරමභ කළ පසු තමන්ගේ පාඨමාලාව වෙනස් කළයුතු බවට සිතෙන අවස්ථා තිබෙනවා. Maria Jockel පවසන්නේ එවැනි අවස්ථාවකදී පාඨමාලාව වෙනස් කිරීම තුලින් වීසා අවලංගු වීමේ හැකියාවක් ඇති නිසා වෘත්තීයවේදීන් ගෙන් නිසි උපදෙස් ලබා ගෙන ඊට අදාල පියවර ගත යුතු බවයි.
"සමහර පුද්ගලයින් වීසා ලබා ගැනීමට පහසු අංශයකින් ඉගෙනීම ආරම්භ කිරීමට උත්සහ කරනවා. වීසා ලැබී ඔස්ට්‍රේලියාවට ඔවුන් පැමිණි පසු ඔවුන් පවසනවා තමන්ගේ පාඨමාලව වෙනස් කිරීමට උවමන බව. මෙවැනි අවස්ථාවකදී හැඟී යන්නේ ඔවුන්ගේ වීසා අයදුම්පත සැබෑ එකක් නොවූ බවයි. නමුත් යම් අයෙකුට සැබෑවටම තම පාඨමාලාව වෙනස් කළයුතු නම් පිළිගත් සහ ලියාපදිංචි සංක්‍රමණික ඒජන්තවරෙකුගෙන් හෝ නීතිවේදියෙකුගෙන් එය සිදු කළ හැකි ආකාරය පිලිබඳ උපදෙස් ගත යුතු වෙනවා."
විදේශීය සිසුන්ට ඕස්ට්‍රේලියාවේ ඉගෙනීම අපහසු දෙයක් වන්නට පුළුවන්. ඉගෙනීමේ කටයුතු සහ මුදල් අවශ්‍යතා වලින් පැන නැගෙන පීඩනය මෙයට හේතුවක්. සමාජීය සහ සංස්කෘතික වෙනසත් බලපාන්න පුළුවන්. සමහර සිසුන් ඉගෙනීම ආරම්භ කළ පසු අදාළ අධ්‍යාපන ආයතනයේ හෝ පාඨමාලාවේ ගුණාත්මක භාවය පිලිබඳ සැහීමකට පත් වන්නේ නැහැ.
සැම අධ්‍යාපන ආයතනයක්ම Educational Services for Overseas Student Act යන පනතට අනුව ශිෂ්‍ය සුබසාධනය හා සිසු අයිතීන් පිළිබඳව බැදී සිටිනවා. එම ආයතැන අභ්‍යන්තර හා බාහිර පැමිණිලි ක්‍රමයක්ද පවත්වා ගත යුතුයි. නමුත් සිසුවා වීස රෙගුලාසි බිඳ දැමු විට හෝ පාටමාල අවශ්‍යතා සම්පුර්ණ නොකළ විටදී සිසුන්ට නීති සහය පැතීමට සිදු වෙනවා.
එසේම ශිෂ්‍ය වීසා ලාබීන්ට හා වීසා ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින අයට Overseas Student Ombudsman ගෙන්ද උපදෙස් ලබා ගත හැකියි
පහත වෙබ් අඩවි වලින්ද ඔබට වැඩි පුර තොරතුරු ලබා ගත හැකියි
Share

