දරුවන්ගේ පාසල් සහ ඉගෙනීමේ වැඩ කටයුතු සඳහා දෙමාපියන් සහ භාරකරුවන් ක්‍රියාශීලීව මැදිහත් වන ලෙසට අධ්‍යාපන විශේෂඥයින් උනන්දු කරයි.
ඒ අනුව පහත සඳහන් වන්නේ ඔබේ දරුවාට පාසලේදී ඉතා හොඳ අත්දැකීම් ලබා ගැනීමට හැකි මාර්ග කිහිපයකි.
ඔබේ දරුවාගේ අධ්‍යාපනයට ධනාත්මකව සම්බන්ධ වන්න.
ඔබේ දරුවා නිතිපතා පාසල් යැවීමට වග බලා ගැනීම ප්‍රධාන කරුණකි. ඔබේ දරුවාගේ අධ්‍යාපනික ප්‍රතිපල සඳහා පාසලට නිති පතා පැමිණීම ඉමහත් සේ බලපෑමක් ඇති කරයි.
නිරතුරුව දරුවාව පාසල් යැවීමෙන් ඉගෙනීමට හා අධ්‍යාපනයට ඔවුන් හට ධනාත්මක ආකල්ප ඇති කරවයි.
සෑම විටම පාසල සමග සම්බන්ධ වන්න.
සෑම විටම දරුවා හට දිවා ආහාර වේලක් සකස් කර යැවීම, වේලාවට ඔවුන්ව පාසල අවසන්වීමෙන් පසුව රැගෙන යාම වැනි ඔස්ට්‍රේලියානු පාසල් සඳහාවූ පොදු පුරුදු සඳහා අනුගත වන්න.
පාසලෙන් පිටතදී දරුවා පාසලේදී කළ කී දේ පිළිබඳ විමසා ඔවුන්ව දිරිමත් කරන්න.
කියවීම උන්නදු කරවන්න.

ඔබේ දරුවාට නිරතුරුවම යමක් කියවන්න, නැතහොත් ඔබට යමක් කියවීමට දරුවාව උනන්දු කරවන්න.
තම දෙමාපියන් දරුවන් සමග නිතර හෝ කිසිදු විටෙක පොත පත නොකියවන දෙමාපියන්ගේ දරුවන්ට වඩා නිතරම තම දරුවන් සමග පොත පත කියවන දෙමාපියන්ගේ දරුවන් ප්‍රාථමික පාසලේ පළමු වසරේදී වැඩි ලකුණු ලබා ගන්නා බව 2009 වසරේ OECD වාර්තාවෙන් පෙන්වා දෙයි.
ගුරු - දෙගුරු රැස්වීම් සඳහා ක්‍රියාශීලී ලෙස සහභාගී වන්න.
සෑම වසරකටම දෙවතාවක් පවත්වනු ලබන ගුරු - දෙගුරු රැස්වීම් සඳහා සහභාගී වීම පාසලත් සමග සම්බන්ධය ගොඩනගා ගැනීමට කදිම පාලමකි.
දරුවාගේ ගුරුවරයා සමග මෙහිදී මුහුණට මුහුණ කතා කිරීමට ඔබට අවස්ථාව සැලසේ.
එමගින් ඔබේ දරුවා පිළිබඳ සිය ගුරුවරයාගේ සිතෙහි යම් ධනාත්මක සිතිවිල්ලක් ඇති කිරීමටද සමත් වේ.
මෙම සාකච්ඡා සඳහා ඔබ විවෘත මනසකින් යාම වැදගත් වන අතර එහිදී අවංකව කතා කිරීමද අතිශය වැදගත්ය.
ප්‍රජාවන්හි විවිධත්වය හේතුවෙන් බහුතරයක් පාසල් වල භාෂා පරිවර්තකයින්ගේ සහය ලබා ගැනීමටද හැකියාව පවතී.

ඔබේ දරුවාගේ පාසලේ වැඩකටයුතු සඳහා ස්වේච්ඡාවෙන් සම්බන්ධ වන්න.
රැස්වීම් වලට අමතරව ඔබේ දරුවාගේ පාසලේ අනෙකුත් වැඩකටයුතු සඳහා ස්වේච්ඡාවෙන් සහභාගී වන්න.
ඔබේ දරුවා පන්තිය තුළ හඬ නගා කියවීම ඔබට ස්වේච්ඡාවෙන් අසා සිටිය හැකි අතර ක්‍රීඩා කටයුතු සඳහාද දරුවාට සහය දැක්විය හැකිය.
වැඩි විස්තර
ඔබේ දරුවාගේ අධ්‍යාපනය සඳහා වටිනා තොරතුරු My School වෙබ් අඩවියෙන් ලබා ගත හැකි වෙයි.

