නිවාස ඉදිකිරීම වැඩි කිරීම
නිවාස අවශ්‍ය පමණට ඉදි කිරීම තුලින් තරඟකාරීත්වය අඩු කර ගත හැකියි. වසර 2017 -2018 දී රජය විසින් ප්‍රාන්ත හා territory සමග එක්ව නිවාස ඉදිකිරීමේ තවත් සැලසුම් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබෙනවා. එසේම ජාතික වශයෙන් නිවාස ඉදිකිරීමට ඩොලර් බිලියන 1ක් වටිනා National Housing Infrastructure වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා

නිවාස විකල්ප වැඩි කිරීම
නිවාස මිල වැඩි වීමත් සමග ඕස්ට්‍රේලියාවේ නිවාස මිලදී ගැනීමට වැඩි මුලික තැන්පතුවක් අවශ්‍ය වීම ගැටළුවක් වෙමින් පවතිනවා. මේ නිසා නිවාස හෝ මහල් නිවාස සඳහා පනවා ඇති වර්ග ප්‍රමාණය පිලිබඳ නීති නැවත සමාලෝචනය කිරීම වැදගත් වේවි. එසේම NSW ප්‍රාන්තය දැනටමත් නිවාස ගොඩනගන සමාගම් වලින් 10%ක ඉලක්කයක් මගින් පහසු මිලට නිවාස සැපයීමට කටයුතු කර තිබෙනවා.
Negative Gearing ක්‍රමවේදය වෙනස් කිරීම
Negative Gearing ක්‍රමවේදය ඕස්ට්‍රේලියාවේ මතබෙධයට තුඩු දී ඇති කරුණක්. එයින් අදහස් වන්නේ ආයෝජන දේපොළ වලින් ලබන පාඩුව බදු සහනයක් මගින් අවම කර ගැනීමට ඇති හැකියාවයි. නමුත් විවේචන එල්ල වෙන පරිදි මෙමගින් ඕනාවට වඩා ආයෝජනය කිරීම තුලින් නිවාස වෙළඳ පොළ ඉහල ගොස් ප්‍රථම නිවාස මිලදී ගන්නා පුද්ගලයන්ට අවාසි විය හැකියි.

නිවාස නොමැති Homeless පුද්ගලයන් වෙනුවෙන් වැඩසටහනක්
රජය විසින් National Housing and Homelessness Agreement යනුවෙන් අඩු ආදායම් ලාබී නිවාස නොමැති Homeless පුද්ගයන් වෙනුවෙන් වැඩසටහනක් ආරම්භ කිරීමට සැරසේ.
රජයේ නිවාස වැඩපිළිවෙල
රජය මගින් අඩු ආදායම් ලාබී පුද්ගලයන්ට නිවාස ලබා දීමට social housing ලබා දීමට කටයුතු කරනවා. මෙහිදී ඔබ කුලියක් ගෙවිය යුතු නමුත් එය ඔබේ ආදායමෙන් 25%කට වඩා වැඩි වන්නේ නැහැ .
Social housing income and assets limits.
Image
පහත වෙබ් අඩවි මගින් වැඩි තොරතුරු ලබා ගන්න
NSW: http://www.housing.nsw.gov.au/living-in-public-housing
Victoria: http://www.housing.vic.gov.au/public-housing
Western Australia: http://www.housing.wa.gov.au/housingoptions/rentaloptions/publichousing/Pages/default.aspx
Queensland: https://www.qld.gov.au/housing/public-community-housing/
Northern Territory: https://nt.gov.au/property/public-housing
Tasmania: http://dhhs.tas.gov.au/service_information/information/public_rental_housing
ACT: http://www.communityservices.act.gov.au/hcs


