ඔබ හර්ද්යාබාදයක් හඳුනා ගන්නේ කෙසේද ?

යම් පුද්ගලයෙකුට හර්ද්යාබාදයක් වැළඳුනු විට සිදුවන්නේ කුමක්ද?

heart attack

Source: Pixabay

යම් පුද්ගලයෙකුට හර්ද්යාබාදයක් වැළඳුනු විට සිදුවන්නේ කුමක්ද?

Heart
Source: Pixabay

හර්ද රුධිර ධමනි වල අවහිර වීම හෝ කුඩා වීම නිසා හර්ධ පේශි වලට අවශ්‍ය පෝෂණය නොලැබී යාමෙන් හර්ධයට ක්‍රියා කිරීමට බැහැ . ඒ නිසා ඔබ හර්ධ සෞඛ්‍ය තත්වය පිලිබඳ පරීක්ෂා කර ගැනීම වැදගත් .

අවධානම් සාධක මොනවාද?

අධික රුධිර පීඩනය

ඔබේ රුධිර පීඩනය වැඩි වූ විට අවධානම් තත්වයක් ඇති වේ , එය පාලනය කර ගත හැකි තත්වයක්. වෙඉද්‍ය උපදෙස් ලබා ගන්න

Blood pressure - AAP
Source: Anthony Devlin/PA Wire

කොලෙස්ටරෝල් අධික වීම

ඔබේ ආහාර වල කොලෙස්ටරෝල් පාලනය කරන්න. රුධිරයේ කොලෙස්ටරෝල් පාලනය නොවූ විට හර්ධයාභාදයක් හෝ අඝාත තත්වය ඇති විය  හැකියි

https://www.heartfoundation.org.au/your-heart/know-your-risks/blood-cholesterol

අහිතකර ආහාර පුරුදු හා දියවැඩියාව

Vegetables and fruits
Vegetables and fruits Source: GettyImages/fcafotodigital

අහිතකර ආහාර පුරුදු  හා අධික සිරුරේ බර නිසා හර්ද රෝග හා වෙනත් රෝග ඇති විය හැකියි.

https://www.heartfoundation.org.au/healthy-eating

Diabetes Australia මගින් ද ඔබට හර්ධ රෝග වලක්වා ගැනීම ගැන තොරතුරු ලබා ගත හැකියි.

https://www.diabetesaustralia.com.au/visiting-or-moving-to-australia

 

ව්‍යායාම අඩු බව

වැඩි කාලයක් වාඩි  වී සිටීම නිසා විවිද රෝග ඇති වේ. වෙඉද්යවරු උපදෙස් දෙන්නේ දිනකට මිනිත්තු 30ක් පමණ ව්‍යාම කරන ලෙස. ඇවිදීම එයට හොඳ ආරම්භයක්

A man jogs in Brisbane
Health is a must if you are into a road trip by motorhome Source: AAP

දුම් පානය

දුම් පානය හර්ධ්යාබාද ඇති කිරීමට ප්‍රධාන අවධානම් සාධකයක් . එම පුරුද්දෙන් මිදෙන්න

https://www.heartfoundation.org.au/your-heart/know-your-risks/smoking

A smoker enjoys a cigarette
Source: AAP

සමාජයේ තනිවීම හා මානසික ආතතිය

නෑදෑ  හිතවතුන් නොමැති පුද්ගලයන්ට හර්ධ රෝග ඇතිවීමේ අවධානම වැඩියි. ඔබට සති දෙකකට වඩා මානසික ආතති තත්වයක් ඇත්නම් හිතවතෙකුට එය පවසා හෝ වෙඉද්යවරයෙකු හමු වන්න.

ඔබට වෙනස් කල නොහැකි අවධානම් සාදක

වයස හෝ පවුලේ රෝග ඉතිහාසය හා ජන වාර්ගික කරුණු අනුව ඇති සාදක බලප හැකියි. උදාහරණයක් ලෙස ඉන්දියානු කලාපයේ පුද්ගලයන් හර්ධ රෝග ඇතිවීමේ වැඩි ප්‍රවනතාවයකට ලක් වේ

රෝග ලක්ෂණ මොනවාද ?

ඉතා දැඩි වම පස හෝ පපුවේ මද දැඩි වේදනාවක් ඇති වේ. එය හකු හා වම අතට ගමන් කල හැකියි

 

අත් , බෙල්ල ආදී ප්‍රදේශ වල අපහසුව

 

හුස්ම ගැනීමට අපහසු බව, උගුර හිරවීමක්, වමනය දහදිය දැමීම හා සිහිසුන් වීමේ ගතියක්

ඔබ කල යුත්තේ කුමක්ද ?

An ambulance parks at St Vincent's Hospital
Source: AAP

000 අමතා ගිලන් රථයකට පැමිණෙන ලෙස ඉල්ලන්න.  එම නිලධාරීන් ඔබට Asprin ලබා දේ

පහත වෙබ් අඩවියෙන් වැඩි තොරතුරු දැනගන්න

https://www.heartfoundation.org.au/support/information-in-your-language


Share

2 min read

Published

Updated

By Charitha Adikari, Ildiko Dauba




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now