ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය පෙදෙස් වල සංක්‍රමණිකයින් ස්ථාපිත වන්නේ කෙසේද ?

Goulburn Sunrise

City center of Goulburn, NSW, Australia, seen at sunrise. Source: Getty

බොහෝ දෙනා අතර ප්‍රාදේශීය පෙදෙස් වල සංක්‍රමණිකයන් පිලි නොගන්නා බවට මතයක් තිබුනත් මීට වසර 30ට පෙර Townsville නගරයේ පදිංචි වූ ඉරාන ජාතික Farvardin Daliri පවසන්නේ කාලයත් සමග එම ජනයා ඔබව ඔවුන්ගේ සමාජයේ කොටසක් ලෙස පිළිගන්නා බවත් සියලු දෙනාම ඉතා මිත්‍රශීලී බවයි

3943220a-21a1-49c8-a3b3-528c51617455

ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ජනගහනය ඉතාම අඩුයි

ප්‍රාදේශීය   පෙදෙස් වලින් රටේ ආර්ථිකයේ 40% ක දායකත්වයක් ලබා දේ 

Sydney, Melbourne, Brisbane, Perth, Adelaide ,Canberra යන ප්‍රධාන නගර වලින් ඇතින් පිහිටි නගර මේ සදහා අයත් වේ 

නමුත් බොහො නගර ජනගහය ඉතාම අඩුවේ . බොහෝ නගර වල පාසල් පවා  පවත්වා ගත නොහැකි තත්වයක් උදා වී තිබේ. 

e58d6723-b611-478f-a24f-9c50dbd29410

SBS News

 

The Regional Repopulation Advisory Committee නම් කමිටුව විසින් Perth නුවරින් උතුරින් පිහිටි නගරයක නව සංක්‍රමණිකයන් සදහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ 

එමගින් ජනගහනය 15%කින් වැඩි කරගැනීමට ඔවුන්ට හැකිවී තිබේ.

වාර්තා වන පරිදි ඔස්ට්‍රේලියාවට පැමිණෙන සන්ක්රමනිකයන්ගෙන් 80% පමණම ප්‍රධාන නගර වල පදිංචියට යොමු වේ.නාගරික පෙදෙස් වල වෙසෙන නව සංක්‍රමණිකයන් ඔවුන්ට සරිලන රැකියා අධික තරගකාරීත්වය නිසා ලබා ගැනීමට නොහැකි විට දී ප්‍රාදේශීය පෙදෙස් කරා යොමු වේ

c3088011-ece2-4849-b54b-2586c0bf74fe

Pexels

රැකියා ලබා ගැනීමේ වැඩි අවස්ථා

වසර 2011 සන්ගනනයට අනුව නාගරික සංක්‍රමණිකයන් 61.3% ක් පමණක් රැකියා වල නියුතු වූ අතර ප්‍රාදේශීයව සංක්‍රමණිකයන් 78%ක් රැකියා වල යෙදේ 

කුසලතා සහිත සංක්‍රමණිකයන්

Regional Opportunities Australia වැනි ආයතන මගින් කුසලතා සහිත නමුත් ඒ සදහා ගැලපෙන රැකියාවක් නොමැති ප්‍රධාන නගර වල වෙසෙන සංක්‍රමණිකයන් සදහාද රැකියා අවස්ථා ලබා දේ. මේ අතර විදේශීය වෙයිද්‍ය්වරු පවා සිටී

නැවත ප්‍රධාන නගර වෙත යාම

ANU විශ්ව විද්‍යාලය විසින් නිකුත් කරන ලද වාර්තාවකින් පෙන්වා දෙන්නේ බොහෝ ප්‍රාදේශීය පෙදෙස් වල සිටින සංක්‍රමණිකයන් වසර 5කින් පසුව නැවත ප්‍රධාන නගර කරා යොමු වන බවයි

c
Source: SBS

2 min read

Published

Updated



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now